නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව තිබේ.

රජය සහ සණස සමිතිය එක්ව ගමේ බිත්තර අවශ්‍යතාවෙන් 50% ක් ගම තුළම නිෂ්පාදනය කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ පවසනවා.

ආබාධිත, වැඩිහිටි සහ වකුගඩු දීමනාව ජනවාරි මස සිට බලපැවැත්වෙන පරිදි ඉහළ නංවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

බන්ධනාගාරවල තදබදය පිළිබඳ ගැටලුව විසඳීමට 'නිවාස අඩස්සියේ ක්‍රමයක්' (house arrest system) ක්‍රියාත්මක කිරීම සඳහා නීති සහ ක්‍රියා පටිපාටි සැකසීමේ මූලික කටයුතු ආරම්බ වී ඇති බව වාර්ථා වේ.

ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකළ යුක්තිය මෙහෙයුම යටතේ සැකකරුවන් 728ක් අත්අඩංගුවට ගෙන තිබේ.

ස්ථාවර පහසුකම් සඳහා පනවා ඇති සීමාවන් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

බදු ගෙවන්නන් හඳුනාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති TIN අංකයට අදාළ බැංකු කටයුතු සඳහා බව පවසමින් බැංකුවෙන් කතා කරන ආකාරයට කතා කර ජනතාව රවටා සූක්ෂම ආකාරයට පෞද්ගලික බැංකු ගිණුම්වලින් මුදල් වංචා කරන හැකර් කල්ලියක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

අඩු ආදායම්ලාභී ජනතාවට සහනයක් වශයෙන් එක් පවුලකට සහල් කිලෝ විස්සක් ලබන උත්සව සමයේදී ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.

 

ld add copy

Latest News

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි.  මෙහෙම වුනේ කොහොමද?

ඇල්පිටිය මාලිමාවට 15යි. විපක්ෂයට 15යි. මෙහෙම වුනේ කොහොමද?

මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණ ප්‍රතිපල නිරීක්ෂණය කිරීමේදී මාලිමාව ජයග්‍රහණය කොට තිබුණද එහිදීද...

Connet With Us