මේ වනවිට වෙළඳපළේ කැරට් මිල විශාල වශයෙන් ඉහල යාම හේතුවෙන් බොහෝ පාරිභෝගිකයින් අසීරුතාවයන්ට පත්ව තිබේ.

76 වන නිදහස් දින සමරු උළෙල විශේෂ අවස්ථාවක් සේ සලකා රාජ්‍ය ආයතන ගොඩනැගිලි විදුලි ආලෝකයෙන් අලංකරණය කිරීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

අංක තහඩුව වෙනුවට “පරුෂ වචනයක්” ප්‍රදර්ශනය කරමින් බොරලැස්ගමුව නගරය හරහා ධාවනය වූ යතුරු පැදියක් පුද්ගලයින් දෙදෙනෙකු සමග අද (19) දා අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.

ඉකුත් මහ වැසි සමයෙන් පසු වසා දමා තිබූ  කන්තලේ ජලාශයේ වාන් දොරටු නැවත විවෘත කිරීමට සිදු වූ බව වාර්තා වෙයි.

කොළඹ මහනගර සභා සීමාව තුළ පවතින අනතුරුදායක මහල් නිවාස 6ක් සහ ගොඩනැගිලි කිහිපයක් හඳුනාගෙන ඇති බව කොළඹ මහ නගර සභාව අවධාරණය කරයි.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුම යටතේ අද (19) අලුයම අවසන් වූ ගතවු පැය 24 තුළ සැකකරුවන් 963 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

මාතලේ මහ නගර සභාව මගින් පාලනය වන ආදාහනාගාරයේ මළ සිරුරු ආදානය කිරීම සඳහා එක් සිරුරකින් රුපියල් 5000 වැඩිපුර මුදලක් සටහන් කර රුපියල් 5,50,000 මුදලක් වංචා කළ මාතලේ මහ නගර සභාවේ සරප් නිලධාරිනිය මෙම මස (30) වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මාතලේ දිසා මහේස්ත්‍රාත් අර්. පී. කේ. එන්. එන් කොත්ගේ නියෝග කළාය.

ඡන්ද හිමි නාමලේඛනය අනුව සෑම ගෘහයකම සිටින සාමාජිකයන්ගේ විස්තර පොලිසිය වෙත ලබාගැනීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් පැවැසීය.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us