මෙරට කොවිඩ් 19 වෛරස ආසාදිතයන් අතුරින් තවත් 1,354 ක් සුවය ලබා තිබේන බව වාර්තා වෙනවා.
පුහුණු උපාධිධාරීන්ට මාස 3න් රැකියා ලබා දෙන්නැයි ජනපතිගෙන් නියෝග !
උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක පිරිස මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා අනුයුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇති බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
මැතිවරණ ඉතිහාසයේ සුපිරි නඩු තීන්දුවක්. ඡන්ද අල්ලස් දුන් මන්ත්‍රීගේ ධුරය අහෝසියි
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල දිස්ත්‍රික්කයේ එක් පළාත් පාලන ආයතනයක අපේක්ෂකයෙකු මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට විවිධ අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේද සහාය ඇතිව ගොනු කරනු ලැබූ නඩුකරයට අදාල තීන්දුව ඊයේ ප්‍රකාශයට පත්කරන ලදී.
සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට ඊයේ (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ ප්‍රකාශ කර තිබෙනවා.
එළඹෙන මාසයේ සිට එන්නත් නොගත් අයට වෙන්න යන දේ ...
ලබන මාසයේ සිට කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් කාඩ්පත නොමැතිව බස්නාහිර පළාතේ බස් රථවලට මගීන් පටවා නොගන්නා බව බස්නාහිර මාර්ගස්ත මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව ප්‍රකාශ කර ඇත.
යුගයේ බරපතලම අභියෝගය අන්තවාදී මතවාදයයි. සැවොම එක්වී එය ජය ගමු -අගමැති
ආර්ථික දේශපාලන හා සමාජයීය අරමුණු සාක්ශාත් කර ගැනීමේ දී අපගේ අනාගතය රඳා පවතින්නේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවන මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.
පාස්කු නඩුවට දින නියමවේ ! අගමැතිගේ සංචාරය ගැනත් ඇත්ත හෙළිවේ !
අග්‍රාමාත්‍යවරයා හා විදේශ කටයුතු අමාත්‍යවරයා ඉතාලියේ සංචාරයක නිරත වෙන්නේ පාප් වහන්සේ මුණ ගැසී පාස්කු ප්‍රහාරය ගැන පරීක්ෂණවල ප්‍රමාදය ගැන එල්ල වෙන චෝදනා යටපත් කිරීමට බව කාදිනල් හිමියන් පසුගියදා චෝදනා කළා.
ශිෂ්‍ය සංඛ්‍යාව 100ට අඩු ග්‍රාමීය පාසල් මුලින් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී ඇත.
කොවිඩ් තාක්ෂණික කමිටු නිර්දේශ අනුව වයස අවුරුදු 12-18 අතර ළමුන් කඩිනමින් එන්නත්කරණයට අවධානය යොමු කර ඇති බවද සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි. එන්නත්කරණයෙන් අනතුරුව පාසල් ඇරඹීම සිදුවනු ඇත.
-පංචාලි අබේසේකර