අද ශ්‍රිලනිපයේ නමින් ලක්ෂ්මන් යාපා අබේවර්ධන සුසිල් ප්‍රේමජයන්ත සහ ඩිලාන් පෙරේරා කොළඹදි පැවැත් වූ මාධ්‍ය හමුවේදී ප්‍රකාශයට පත් කළ සමස්තයේ අර්ථය, අගමැතිට එරෙහිව එල්ල කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් ජනාධිපතිවරයා පරාජයට පත්ව ඇති බවය.

අගමැතිවරයාගේ නමින් ආණ්ඩුවට එරෙහිව එල්ල කර තිබෙන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ දී ශ්‍රිලනිප මන්ත්‍රීන්ට තම තමන්ගේ හෘද සාක්ෂිඅය අනුව ඡන්ද පාවිච්චි කිරීමට ඉඩ කඩ සලසන තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා ප්‍රමුඛව ශ්‍රිලනිප ජේෂ්ටයන් මේවන විටත් තීන්දුවකට පැමිණ තිබෙන බව ශ්‍රිලනීප ආරංචි මාර්ග පවසයි. එළඹෙන 02 වන දින ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාවේදී මේ සම්බන්ධයෙන් නිල තීන්දුව ගැනිමට නියමිතය.

වෙසක් සහ පොසොන් පොහොය දිනය යෙදනදා තොරණ ප්‍රදර්ශනය තහනම් කිරීමටත් දන්සල් ආදීය සීමා කිරීමත් සිදු කරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන බව බුද්ධ ශාසන ඇමැතිවරයා පවසයි . එමෙන්ම ඒ වෙනුවට එම දින දෙකෙදී විහාර ආශ්‍රිතව ක්‍රියාත්මක කළ යුතු දේ ගැන විහාරස්ථාන දැනුම්වත් කිරීමටද පියවර ගෙන තිබේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද (30දා) උදෑසන චීනය බලා පිටත්ව ගොස් තිබේ. මීට කලකට පෙර චීන රජයේ ආරාධනාවකට අනුව එරට ප්‍රකට උසස් අධ්‍යාපන ආයතනයක් වන යුනාන් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය පාලනය හා ආර්ථික කළමනාකරණය පිළිබඳ පාඨමාලාවකට සහභාගි වීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙසේ චීනය බලා පිටත්ව ඇත.

අග්‍රාමාත්‍යවරයාට පමණක් නොව හිටපු විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයාටද විශ්වාසභංගයක් ගෙන ආ යුතු යැයි "එළිය" සංවිධානයේ කමිටු සාමාජික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

එසේ විශ්වාසභංගයක් ගෙන ආ යුතු වූයේ රටේ ස්වෛරීභාවයට කළ හානිය නිසා බවද ඒ මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඈමැති ෆයිසර් මුස්තාපා මහතා කියා සිටියේ ඒකාබද්ධ විපක්ශය ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංගය ජයග්‍රහණය කළොත් අගමැතිවරයා ඉවත් වීමත් සමඟ කැබිනට් මණ්ඩලයම අහෝසි වන බවය. එහෙත් ජනාධිපතිවරයාගේ ධුරයට හානියක් නොවන ලෙස ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ නෛතිකමය ප්‍රතිපාදන ඇති බවත් පෙන්වා දුන්නේය.

ඉදිරියට යා හැකි නායකයින් විසි දෙනකු තමා හඳුනා ගෙන සිටින බවත් තමාට අවශ්‍ය වන්නේ එක්සත් ජාතික පක්ෂය ගොඩනගා ජයග්‍රාහී මාවතට ගෙන එමින් එම නායකයින්ට පක්ෂය භාර දීමට බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පැවැති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හමුවේ අවධාරණ කර තිබේ.

ශ්‍රීලංකා මහ බැංකුව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයට පැවරීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව වාර්තා වේ.

ld add copy

Latest News

Connet With Us