අගෝස්තු මස 17 වන දින දිවයින පුරා ඇති සුරාසැල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් කාර්යාලය පවසයි.
ඒ 2015 පාර්ලිමේන්තු මහා මැතිවරණය හේතුවෙන් ඇතිවිය හැකි උණුසුම් තත්ත්වයන් අවම කරගැනීමේ අරමුණින්.
මැතිවරණ සමයක් යනු ප්‍රවෘත්ති ඉතා වේගයෙන් සංසරණය වන කාලයකි. මේ දිනවල එසේ දිවෙන පුවත් අතරින් පෙරළිකාර ම පුවත වෙමින් සමාජ අවධානය වඩාත් දිනා ඇත්තේ වසීම් තාජුඩීන් ඝාතනය පිළිබඳ පුවතයි. එතෙක් හදිසි අනතුරක් ලෙස සටහන්ව තිබූ හිටපු රග්බි ක්‍රීඩකයාගේ මරණය ඝාතනයක් ලෙස අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරෙන්නේ පසුගිය ජුලි 27 වැනිදා ය. එදින සිට ඔහුගේ මෘත ශරීරය ගොඩගත් පසුගිය (10) දිනය දක්වා කාලය තුළ මේ පිළිබඳව බොහෝ පාර්ශ්වයන් අදහස් දක්වා තිබුණි. අවසන 9 වැනිදා මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද මේ පිළිබඳව අදහස් දැක්වීය.
දුමින්ද සිල්වාගෙන් ණය සල්ලි ඉල්ලූවම, සුදු වෑන් පස්සෙන් ආවා
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ණයට දුන් රුපියල් මිලියන දෙකක මුදල ආපසු ඉල්ලා සිටි විට සුදු වෑන් එකක් හා පොලිස් නිලධාරීන් හැම තිස්සෙම තම නිවෙසට පැමිණෙන්න වූ බව ‘වෙලේ සුදා’ නමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (12) අනාවරණය කළේය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාවේ සඳහන් නම, ජාතික හැඳුනුම් පතේ හෝ වෙනත් හඳුනා ගැනීමේ පතක සඳහන් වී තිඛෙන ආකාරය අතර වෙනසක් පැවතියද ඡන්දදායකයින්ට අපහසුවකින් තොරව සිය ඡන්දය භාවිත කළහැකි බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මිහින් ලංකා ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී අනුර මහේන්ද්‍ර බණ්ඩාර මහතා ඊයේ (12) මීගමුව කම්කරු අධිකරණයේ පැවති නඩුවක් සඳහා යමින් සිටියදී කළු පැහැති ඩිෆෙන්ඩර් රියකින් පැමිණි පිරිසක් නුගේගොඩ සුභද්‍රාරාම හන්දියේදී ඔහුට තර්ජනය කර නඩුවට අදාළ ලිපිගොනු පැහැරගෙන ගොස් ඇතැයි පොලිසියට පැමිණිලි කර තිබේ.
මහින්ද හාන්සියි. නාමල්ට වැලේවැල් නෑ, දෙන්නම මැදමුලනේ ගෙදර
මහින්ද රාජපක්ෂ මහතා සිය කුරුණෑගල දිස්ත්‍රික් මැතිවරණ ව්‍යාපාරය අතර මඟ නවතා දමා මේවන විට හම්බන්තොට නිවසට වී කාලය ගතකරමින් සිටින බව වාර්තාවේ.
රනිල් පැන්නීමේ ජනපති කුමන්ත්‍රණ කතාව, සිරසත් තහවුරු කරයි
අප ඊයේ 'රනිල් පැන්නීමේ වගකීම කිලී, ශිරාල්, ගෝඨා බාරගනී. ජනාධිපති කාර්යාලය තුල කුමන්ත්‍රණයක්' යනුවෙන් පළ කල පුවත සනාත කරමින් මෙම සැලසුමේ සිටින න්‍යාචාර්යවරයකු වන අශෝක අභයගුණවර්ධන මහතා ඊයේ දිනයේ කිලී මහරාජාගේ සිරස රූපවාහිනියේ පැවැති වැඩසටහනක් අතරතුරේදී සනාත කරනු ලැබීය.
”මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා”- මාධ්‍යවේදිහු කුරුණැගලදි කියති.
මාධ්‍ය නිදහස වලපල්ලට යැවු පාලකයන්ට ඡන්දය දෙන්න එපා යැයි කියමින් මාධ්‍යවේදිහු ඊයේ දවස පුරා කුරුණැගල නගර පුරා පත්‍රිකා බෙදමින් පෝස්ටර් අලවන් ජනතාව දැනුවත් කිරිමේ ව්‍යාපාරයක යෙදුණි.