උඩුවේ අලියා ගෙනාපු හැටි - මාධ්‍යවේදී සජීව විජේවීරගේ හෙලිදරව්ව
මේක සෑහෙන්න දිග කතාවක්. වර්ෂය 2005 ඉමදුව නගරයේ ධර්ම දේශනයක් සංවිධානය කළා. එයට ආපු ප්‍රධාන හිමියන් උඩුවේ ධම්මාලෝක හාමුදුරුවෝ. මට මතකයි උන්වහන්සේ පිළිගන්න තැන සිට ඉමදුව නගරයට පෙරහැරකින් වඩම්මවාගෙන යන පාර සරසන්න මම බෞද්ධ කොඩි හොයන්න සෑහෙන්න මහන්සි වුණා. එදා මම සැදැහැවත් බෞද්ධයෙක් විදියට මේ අවස්ථාවට සහභාගී වුණේ මා ඉතා ගරු කළ, ඇළුම් කළ උඩුවේ ධම්මාලෝක හිමියන් වෙනුවෙන් උපන් දැඩි ගෞරවයකින්.
ධීවර හා ජලජ සම්පත් ඇමැති මහින්ද අමරවෙර මහතාගේ පෞද්ගලික ලෙකම් ලෙස කටයුතු කරන ජී.ජි.කේ ගාමිණී නැමැත්තා විසින් අමාතයංශයට තම හිතවතුන් හා හිතවතියන් 13 දෙනෙකු නිතිවිරෝධී ලෙස අනුයුක්ත කරගනිමින් වැඩි සැලකිලි ලබා දෙන බව ධීවර අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.
ලංකා ධීවර වරාය නිතිගත සංස්ථාවේ සේවයෙහි නිරතව සිටි මෙම පිරිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් ද තොරව මෙලෙස අනුයුක්ත කරගෙන ඇත. එසේ අනුමැතියකින් තොරව අනුයුක්ත කරගැනීම ආයතනික නීතිරීති අනුවද බරපතල වරදක් ලෙස දැක්විය හැක. එසේම යහපාලන ආණ්ඩුව බිහිවීමෙන් පසුව 2015 වසරේ ජනවාරි මාසයේ සිට මෙලෙස කටයුතු කර ඇති බවද දැනගන්නට ලැබේ. මොවුන්ගේ වැටුප් අතිකාල දීමනා ගෙවීම් ධීවර වරාය නිතිගත සංස්ථාව මඟින් සිදු කරනු ලබන නමුත් මේ සේවක සෙවිකාවන් අමාත්‍යංශයේ සේවය කරන බවට පැමිණිමේ නාමලේඛනද සාක්ෂි දරයි. එහෙත් පෞද්ගලික ලෙකම්වරයා විසින් නිතිපතා අතිකාල ලකුණුකර ඒවා ගෙවන ලෙසට අනුමත කර තිබීම බරපතල තත්ත්වයකි.
මෙහිදී මෙම සේවක සෙවිකාවන් වෙත වැටුපට අමතරව අතිකාල විශාල ප්රාමාණයක් ලබාදිම මෙම ලේකම්වරයා විසින් සිදු කොට තිබේ. ඇතැම් සේවිකාවන්ට මාසයකට අතිකාල පැය 170කට වඩා ඉහල ප්‍රමාණයක් ලබා දී ඇත,ඒ අතර සෙනසුරාදා හා ඉරිදා දිනයන්ද ඇතුළුව පොහොය දිනවල රාජකාරි කල බ මේ අතිකාල සටහන් වල සඳහන්ය.
කෙසේ නමුත් මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුව මේ සම්බන්දයෙන් පරීක්ෂණයක් සිදු කරමින් තිබේ.
මහින්ද අමරවීර ඇමැතිවරයා යහපාලනය උදාකර දීම සඳහා දැඩි දේශපාලන සටනක නිරතව සිටියදි ඔහුගේ පෞඅද්ගලික ලේකම් වරයා මෙලෙස අමැති බලතල පාවිච්චි කරමින් නිති විරෝදි ලෙස කටයුතු කිරෙමෙන් වන්නෙ ඈමතිවරයාද අවසානයේදී දූෂිතයකු ලෙස කළු පැල්ලමක් දා ගැනිම පමණය.
මේ වන විට රිමාන්ඞ් බාරයේ පසුවන කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වක්ර් ආයනතයේ විධායක අධයක්ෂක වරයා ලෙස කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ සොහොයුරු නිශාන්ත රණතුංග මහතාට රජයේ සාක්ෂිකරුවකු වී ප්‍රශ්නයෙන් නිදහස් වන ලෙස එම පවුලේ සාමාජිකයන්ගේන් බලපැම් එලා වෙමින් තිබෙන බව වාර්තාවේ.
මෙම නාලිකාව ආරම්භ කිරීම සඳහා අයථ ලෙස මුදල් යෙදුවූවාය යන චෝද්නාව ලබා සිටි හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී හා ව්‍යාපාරික සජින් වාස් ගුණවර්ධන මහතා මේ වන විට රජයේ සාක්ෂිකරුවකු වී සිටින අතර ඔහු සුපුරුදු ලෙස ව්‍යාපාරික කටයුතුවල ද නියැලි සිටී . රණතුංග පවුලේ පිරිස් පවසා ඇත්තේ සජින් වාස් මෙන් කටයුතු කර මේ ගැටළුවෙන් නිදහස වන ලෙසය. එහෙත් මේ දක්වා නිශාන්ත මහතා ඒ සඳහා කැමැත්ත පල කර නොමැත.
ඒ අතර එම මහතාට ඇප ලබා දෙන ලෙස ඉලමින් පසුගිය 18 වන දින ඇප අයදුම් පත්‍රයක් කොළම මහාධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කර තිබිණි. නිශාන්ත රණතුංග මහතා ඇතුලූ සි.එස්.එන් ප්‍රධානින් අත අඩංගුවට ගන්න ලද්දේ පසුගිය ජනවාරී 30 වන දිනය.පසුව පසුගිය 11 වන දින කඩුවෙල මහෙස්ත්රාත්වරයාගෙන් ඇප ඉලා සිටියද ඒ ප්‍රතික්ෂේප කෙරිණි.
චන්ද්‍රිකාව මෛත්‍රීව විකුණන් කන දහම් රත්වත්තේ නම් තක්කඩියා
එංගලන්තයේ මහ රැජින ආසියාවේ ඉහළම කලාශිල්පීන් කිහිප දෙනෙකුට නයිට් පදවි ලබා දිමට තීරණය කරලා තිබෙනවා... ඒ සඳහා ලංකාවෙන් තෝරගෙන තිබෙන්නේ ඔබතුමාව...නැටුම් ශිල්පය වෙනුවෙන් කරපු සේවය අගයලා තමයි මේක දෙන්නේ....‘ මේ මෙරට ප්‍රකට නර්තනාචාර්යවරයකුට මීට වසර දෙකකට පෙර එංගලන්තයේ සිට ලැබුණු දුරකතන ඇමැතුමකි.
නර්තනාචාර්යවරයාට මේ සිතා ගැනීමට අපහසු කරුනක් වූවද එහා කෙලවරේ සිට කතා කළ තැනැත්තා විසින් සති කිහිපයක් තිස්සේ කළ පැහැදිලි කිරීම නිසා ඒ සැකයෙන් වුවත් එකී පරිදි ඉතුරු වැඩ කටයුතු වලට සූදානම් විය.
වාස්තු විද්‍යාත්මකව සහ ඓතිහාසිකව පොහොසත් උරුමයක් ඇති ගල්කිස්ස මහ හෝටලය තමන්ගේ 210 වැනි සංවත්සරය හා සමගාමීව පැවැත්වීමට බලාපොරොත්තුවන “Words on the Mount” වැඩසටහන පිළිබඳව පසුගියදා මාධ්‍ය දැනුවත් කරනු ලැබීය.
දැදුරු ඔය විනාශය පොලිසියත් සනාත කරයි! තීරණය ජනපති අතේ
කොබෙයිගනේ පොලීසියට හා ජීෆි සමාගමට එරෙහි 2015/10/14 HRC 3319/15 පැමිණිල්ල අද දෙවන වර විභාග කළ අතර එයට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපතිවරයාත් සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පූජ්‍ය වෑකදවල රාහුල හිමි, දුමින්ද අලහකෝන්, සම්පත් බාලසූරීය යන අය සහභාගී විය.
එහිදි පැමිණිල්ල විභාග කරමින් මානව හිමිකමි කොමිසම කියා සිටියේ අසාධාරණයට ලක්වූ අධයන මධ්‍යස්ථානයේ පර්යේෂණ කණ්ඩායමට සධාරණය ඉෂ්ට කිරීමට පොලීසීයට හැකි ඉක්මණින් ක්‍රියා කරන ලෙසයි .
ලසන්ත වික්‍රමතුංග ඝාතනය පිළිබඳ සැක පුද්ගලයින් දෙදෙනෙකුගේ චිත්‍ර පොලීසිය විසින් මාධ්‍යට නිකුත් කර ඔවුන් පිළිබඳ පරීක්ෂණ පැවැත් වීමට ජනතාවගෙන් ආධාර ඉල්ලා ඇත.
ලසන්ත ඝාතනය කෙරෙන්නේ 2009 ජනවාරි 08 වැනිදාය. ඉන් අනතුරුව ගෙවුණු සය වසරක් ම ඔහුගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ සිදු කෙරුණේ ඕනෑවට එපාවට ය. වෙනෙකක් තබා එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වරක් ප්‍රශ්න කර සිටියේ "කවුද ලසන්ත කියන්නෙ ? මෙච්චර මිනිස්සු මැරෙද්දි ඇයි එක ලසන්ත කෙනෙක් ගැන ඔච්චර හොයන්නේ" කියා ය.
ශ්‍රී ලංකාවේ වනාන්තර වලින් නීති විරෝධී ලෙස අලි පැටවුන් අල්ලා මුදලට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පැවැත්වෙන පරීක්ෂනවල කකුලෙන් ඇදීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කරමින් සිටින බව අප සංගමයට වාර්තා වී ඇත. මේ හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම් අනුව නීති විරෝධී ලෙස පවුද්ගලික භාරකරීත්වයේ රඳවාගෙන සිටින බවට සැක කෙරෙන අලි පැටවුන් දහතුන් දෙනෙකු (13) අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්රාත්තුමන් විසින් ලබා දුන් නියෝගය පවා ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී තිබේ.