වකුගඩු රෝගය නිසා දැනට 20000 කට වැඩි පිරිසක් රජරට ඇතුලු ප්‍ර දේශ වල මිය ගොස් ඇති බවත් වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් පැවැති රජයන් හා පවතින රජයන්ද සාධණය ක්‍රියාමාර්ග සඳහා යොමු වී නැති බවත් වකුගඩු රෝග මර්ධන ව්‍යාපාරය පවසා සිටී.
බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පලාගිය ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ යන පාතාල ප්‍රබලයන් දෙදෙනා යාපනය ප්‍රදේශයට රැගෙන ගොස් බෝට්‌ටුවක් මගින් ඉන්දියාවට පිටත් කර හැරීමේ සැලසුමක් පවතින බවත් ඒ පිටුපස ප්‍රබල දේශපාලනඥයකු සිටින බවද ආරක්‍ෂක බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.
බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ ගමනක් යාමේ අරමුණින් යැයි එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියන් අද (6) මාධ්‍ය සාකච්ඡාවක දී පැවසා ඇත. එ හිමියන් වැඩි දුරටත් පවසා ඇත්තේ, ‘යහපාලනය, මතට තිත, පිවිතුරු හෙටක්, සාධාරණ සමාජයක් ආදී සුන්දර වචන කියමින් බලයට ආ අය වර්තමානයේ දී රටේ දූෂණය හා භීෂණය වපුරමින් සිටිනවා. එකම පරිසක් පක්ෂ මාරු කරමින් දේශපාලනය කරනවා' යනුවෙනි.
වත්මන් ආණුඩුව ජලය සඳහා බද්දක් අය කිරීමට සැලසුම් කරමින් සිටින බව අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබාගෙන ඇති බවයි.
මන්ත්‍රී වැටුපෙන් නාමල් ප්‍රකෝටිපතියකු වීම අබිරහසක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් නාමල් රාජපක්ෂ මහතා සී. එස්. එන්. නාලිකාවේ මෙන්ම ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ අයිතිකරු වීමත් රුපියල් කෝටි දොළහමාරකට හෙලෝකෝප් සමාගම මිලදී ගැනීමත් සිදුවූයේ කෙසේද යන්න අබිරහසක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාර සහ නිළි නදීශා හේමමාලි එක්ව සිටින ඡායාරූප පෙළක් මේ දිනවල බොහෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව ප්‍රචාරය වනු දක්නට ලැබිණි. විවිධ දේශපාලනික මානයන්ගෙන් මෙන් ම පෞද්ගලික සහ සදාචාරවාදී කෝණයන්ගෙන් මෙම ඡායාරූප පිළිබඳව විවේචන කෙරී තිබෙනු දැකිය හැකි විය.
යහ පාලන ආණ්ඩුව හොරුන් අල්ලන්නේ නීතියේ ආධිපත්‍යයට යටත්ව බවත් එලෙස නොකළා නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ගෙන් විශාල පිරිසක් මේ වන විට ඉන්නේ හිර ගෙවල් වල බවත් එමෙන් ම, කකුළුවන් දිය හැලියේ නටන්නාක් මෙන් නොවැම්බර් මාසය වන තෙක් නටන ලෙස වංචා හා දුෂණ වලට සම්බන්ධ දේශපාලකයන්ට තමා පවසන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාරියපොළදී අද (5) සඳහන් කළේය.