නිවැරදි මාර්ගෝපදේශකත්වය සහ නිවැරදි නායකත්වය ඇතොත් ශ්‍රී ලාංකීය ජනතාවට විනයගත සමාජයක් සේ කටයුතු කළ හැකි බව පසුගිය මහ මැතිවරණය මගින් සාර්ථක අන්දමින් පෙන්නුම් කෙළේය. මෛත්‍රී-රනිල් සුසංයෝගය රටටත්, ලෝකයාටත් ඔප්පු කෙළේ එයයි. නිදහස් මැතිවරණ කොමිසමක් සහ ස්වාධීන පොලීසියක් ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යාවශ්‍ය කෙරේ. රට ඉදිරියට ගෙන යාමට සහ ඉදිරි මාස 60 ක කාලය තුළ අගමැතිවරයාගේ දැක්ම යථාර්ථයක් කර ගැනීමට නම්, ශ්‍රී ලංකා මහ බැංකුව මගින් ප්‍රකාශයට පත්කළ ‘2015 ආර්ථික සහ සමාජ සංඛ්‍යා ලේඛන දත්ත’ අනුව, පහත සඳහන් කරුණු කෙරෙහි දැඩි අවධානය යොමු කිරීම වැදගත් ය.

නව අමාත්‍යාංශ සඳහා ලේකම්වරු 44 දෙනෙකු පත් කිරීම අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් ලැයිස්තුවෙන් තරග කරමින් පාර්ලිමේන්තුවට පිවිසුනු පක්ෂ නායකයකු යැයි කියන උදය ගම්මන්පිල මන්ත‍්‍රීවරයා, සන්ධාන මිස එහි හවුල්කාර පක්‍ෂ පාර්ලිමේන්තුවේදී පක්‍ෂ ලෙස පිළිනොගන්නේ නම් කථානායකවරයා විසින් එජාප-ශ‍්‍රිලනිප හවුල් ආණ්ඩුවද පාර්ලිමේන්තුවේදී පිළිගත නොහැකි බව පවසා කතානායකවරයාට තමන් ලොකු අභියෝගයක් කළ බව පසුගියදා මධ්‍ය හමුවකදී පාරම් බා තිබිණි..

ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ 20 වැනි දියවඩන නිලමේ පත්කර ගැනීමේ නිලවරණය අද (8 වැනිදා) පැවැත්වෙන අතර දහවල් 2ට පැවැත්වීමට නියමිත අතර මේවන විටත් අදාල ඡන්ද දායක භික්ෂූන් වහන්සේ හා රාජ්‍ය නිළධාරීන් ‍රැසක් සෙංකඩගල බෞද්ධ මධ්‍යස්‌ථාන පරිශයට පැමිණ සිටි. මීට මොහොතකට පෙර හිටපු බස්නායක නිලමේ නිලංග දැල බණ්ඩාරගේ ආධාරකරුවන් ලෙස පනී සිටින කණ්ඩායමක් භික්ෂුන් වහන්සේ නමකට හා තවත් කිහිප දෙනෙකුට 'දෑල බණ්ඩාරට ඡන්දය නොදුන හොත් ප්‍රශ්නවලට මුහුන දිය හැකි..' බව කියමින් තර්ජනය කර ඇතැයි වාර්තාවේ.

මහින්ද රාජපක්ෂ යනු ලැජ්ජාවක් නැති පුද්ගලයකු බව හිරු ටීවී තුළින් ඊයේ(07) දිනයේදී විකාශය වූ 'සලකුණ' වැඩසටහනට සහභාගී වූ ෆීල්ඩ් මාර්ල් සරත් ෆොන්සේකා පෙන්වා දෙනලදී.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්‌ථානයේ සභාපති කේ. ඩී. ලාල් කාන්ත මහතා විසින් වැඩකරන ජනතාවගේ ගැටලු සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සාකච්ඡාවක්‌ ඉල්ලා ලිපියක්‌ යවා ඇත.

වාරියපොළ නංගී නමින් සමාජ ජාලාවල ජනප්‍රිය වූ තිළිණි අමල්කා නම් තරුණිය, වාරියපොල බස් නැවතුම් පොලේ දී සෙල්වා නම් තරුණයකුට පහර දුන් සිද්ධිය පසුගිය වසරේ මාධ්‍ය තුළ මහත් අන්දෝලනයකට ලක්විය.

2012 වසරේ දී ඝාතතනය කළ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ජංගම දුරකථනය නුවරඑළිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සන්තකයේ තිබී සොයාගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ld add copy

Connet With Us