උපේක්ෂාට නාම යෝජනා නෑ, චිත්‍රපට සංස්ථාවේ සභපතිකම ලැබේ.
එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද වලින් පාර්ලිමේන්තුවට ගොස් හිටපු සැමියාගේ මුදල් අවශ්‍යතාවයක් මත මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්නට පැත්ත මාරු කළ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උපේක්ෂා ස්වර්ණමාලීට මෙවර සන්ධානයෙන් නාම යෝජනා නොලැබේ. ඒ වෙනුවට චිත්‍රපට සංස්ථාවේ සභාපති ධුරයත් මාදිවෙල මන්ත්‍රී නිවාසයක් හා පොලිස් ආරක්ෂාවත් ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වී තිබේ.
මෙවර එක්සත් ජාතික පක්ෂය පුළුල් සන්ධානයක් ලෙස මැතිවරණ කටයුතු සිදුකරන බව අජිත් පී. පෙරේරා මහතා සඳහන් කරයි. මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කිරීමට ඉදිරිපත් වී සිටින පක්ෂ සහ සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටින සංවිධාන ප්‍රමාණය මේ වනවිට 40 ඉක්මවා තිබෙන බව සඳහන් කරයි.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊයේ (09) පුද්ගලික සංචාරයක් සඳහා ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබේ.සතියක පමණ කාලයක් ලන්ඩනයේ ගත කිරීමෙන් පසු අැය යළි මෙරටට පැමිණ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව පැවසේ.
මහින්ද මන්ත්‍රී උනොත් ආරක්ෂාවට ඉන්නේ පොලිස් නිලධාරීන් දෙන්නයි
වැල්ලම්පිටිය ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට සහ එහි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සඳහා රුපියල් පනස් ලක්‍ෂයක මුදලක් ලබාගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බස්‌නාහිර ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගැනීමට පොලිස් මූල්‍ය අපරාධ කොට්‌ඨාසය අධිකරණයෙන් වරෙන්තු ලබාගෙන ඇත.
මෛත්‍රී උගුලකට අහුවෙලා වගේ-රාජිත
එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්‌තු මන්ත්‍රී ධුරයක් සඳහා මහාචාර්ය නලින් ද සිල්වා මහතා නම්කර ඇතත් ඒ මහතා එය ප්‍රතික්‍ෂේප කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාම යෝජනා ලබාදීමේ ක්‍රියාවලිය ගැන තමන් බලවත් සේ කළකිරීමටත් සිත් තැවුලටත් පත්ව සිටින බව ප්‍රධාන පෙළේ සිවිල් සංවිධාන නියෝජිත පිරිසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෙරේදා (08) රාත්‍රියේ දැනුම් දී තිබේ.