මන්ත්‍රී වැටුපෙන් නාමල් ප්‍රකෝටිපතියකු වීම අබිරහසක්
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටිමින් නාමල් රාජපක්ෂ මහතා සී. එස්. එන්. නාලිකාවේ මෙන්ම ගවර්ස් කෝපරේට් සර්විසස් පෞද්ගලික සමාගමේ අයිතිකරු වීමත් රුපියල් කෝටි දොළහමාරකට හෙලෝකෝප් සමාගම මිලදී ගැනීමත් සිදුවූයේ කෙසේද යන්න අබිරහසක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදිත් ලොකු බණ්ඩාර සහ නිළි නදීශා හේමමාලි එක්ව සිටින ඡායාරූප පෙළක් මේ දිනවල බොහෝ වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාල ආශ්‍රිතව ප්‍රචාරය වනු දක්නට ලැබිණි. විවිධ දේශපාලනික මානයන්ගෙන් මෙන් ම පෞද්ගලික සහ සදාචාරවාදී කෝණයන්ගෙන් මෙම ඡායාරූප පිළිබඳව විවේචන කෙරී තිබෙනු දැකිය හැකි විය.
යහ පාලන ආණ්ඩුව හොරුන් අල්ලන්නේ නීතියේ ආධිපත්‍යයට යටත්ව බවත් එලෙස නොකළා නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයන්ගෙන් විශාල පිරිසක් මේ වන විට ඉන්නේ හිර ගෙවල් වල බවත් එමෙන් ම, කකුළුවන් දිය හැලියේ නටන්නාක් මෙන් නොවැම්බර් මාසය වන තෙක් නටන ලෙස වංචා හා දුෂණ වලට සම්බන්ධ දේශපාලකයන්ට තමා පවසන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වාරියපොළදී අද (5) සඳහන් කළේය.
ජාතිය ආගම පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කළ යුතුයි
ජාතීන් වශයෙන් සහ ආගම් වශයෙන් ඇති දේශපාලන පක්‍ෂ මේ රටෙන් තහනම් කළ යුතු බවත්, ජාති ආගම් කුල භේදවලින් තොර යහපත් පුද්ගලයන් මෙවර පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගැනීමට සියලු ඡන්ද දායකයන් කටයුතු කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පවසයි.
බුද්ධි අංශ තොරතුරු නැතිව ගෝඨා වේලෙයි. ලැබුණු එකෙන් තෙත්වෙයි
ජනවාරි 08 වෙනිදා මේ රටේ නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් කැපවුන සියලූ ප‍්‍රගතිශීලී පුරවැසි සංවිධාන සහ දේශපාලන පක්ෂ සමග ඒකරාශී වෙමින්, ගැටුම්කාරී දේශපාලනය වෙනුවට සෑම පාර්ශ්වයකම සහභාගිත්වය සහ එකගත්වය ඇති දේශපාලන සංස්කෘතියක් සඳහා පක්ෂය, පාට, ජාති, ආගම් ආදී සියලූ භේද පසෙක ලා දිනාගත් නිදහස ආරක්ෂා කිරීමට හැකියාව මෙන්ම කැපවීම තිබෙන බලවේගය හා නායකත්වය සමග එක්වන ලෙස හිටපු ජනාධිපති චන්දිකා බණ්ඩාරනායක මැතිණිය නිවේදනයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටී.