ඊයේ(09) පෙරවරුවේ මගියකු යටකර මරා දැමූ බවට චෝදනා එල්ල වී තිබෙන ගාල්ල දිස්ත්‍රික් එජනිස අපේක්ෂක මනුෂ නානායක්කාර විසින් පසුගිය සෙනසුරදා ස්වර්ණවාහිණී ආයතනයේ පැවැති දේශපාලන සංවාදයක් අතර තුරදී ඉන්දියාවේ හින්දු පුවත්පතෙහි පිටපතක් පෙන්වමින් එහි සඳහන් පුවතක් අනුව එජාපය ජයග්‍රහණය කළ හොත් 'ඊළම"ලබා දෙන බව රනිල් වික්‍රමසිංහ මහතා තමාට පොරොන්දු වූ බවට යාපනයේ එජාප අපේක්ෂිකා විජයකලා ලක්ෂ්මී පවසා ඇතැයි පැවසුවේය.
'මෛත්‍රී සමඟ පෙරට' ! කියාගෙන මහින්ද මෛත්‍රීගේ සරමෙ එල්ලෙයි
ශ්‍රීලනිප සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වය පිළිගැනීමට තමා සුදානම් බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද හෝ හෙට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වේ.
මිනිසකුට නරුම විය හැකි සීමාව කුමක්ද ? මෙම පැණය පසුගිය කාලය පුරාවටම දේශපාලනයේ නියුතු වූ බොහෝ චරිත එක් එක් තැන්හි එක එකාගේ ගුල් හාරාගෙන පැලපදියම්වන මොහොතක් පාසා පැනනැගි අතර මෙවර අළුත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බීබීසී සංදේශය සමඟ පැවැත් වූ සාකාච්ඡාව දුටු පසුවය.
එහිදී ඔහු ප්‍රශ්න කරන්නේ, "දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?" යනුවෙනි. වැඩිදුරටත් ඔහු පවසන්නේ "මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල." ලෙසය.
ලබන 12 වනදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස තමන් වෙත කැදවීමක් ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර නාමල් රාජපක්ෂ මහතා පවසයි.
මැතිවරණ සමයක් බැවින් තමන් මේ පිළිබඳව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයාද දැනුවත් කළ බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන තමාට ඇප නොදීමට එරෙහිව ගොනු කළ ප්රතිශෝධන අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී එන්.රණවක මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
තාජුදීන්ගේ මළ සිරුර ගොඩගත් හැටි(ඡායාරූප)
ලැජ්ජා නැති මහින්ද , මෛත්‍රීගේ පින්තූරේ ගහගෙන මනාප ඉල්ලයි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා මේවන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූපය යොදා ගැනීමට යොමු වීම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන පරාජයක් බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.