පසුගිය 05 වන දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ඇමැතිවරු ‍රැසක් ඊට පෙර මාසයේ 30 වන දින ඉල්ලා අස්වූ බව තිලංග සුමති පාල මහතා පැවැසූවේ එවැනි සිදුවීමක් ගැන හාංකවිසයකවත් දෙයක් නොදැන බව වාර්තා වේ. 

2010 ජනවාරි මාසයේ සිට අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගිය බවට සැකකෙරෙන දෙමල ජාතිකයින් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්  අත් අඩංගුවට ගෙන ඇතයි ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වී ඇත.

යුද්ධය පැවැති අවස්‌ථාවේදී සුදු කොඩි උස්‌සාගෙන එන අය මරන්න කවුරුන් හෝ නියෝග දුන්නේ නම් ඔවුන් බේරා ගැනීමට නොහැකි බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

යුද්ධයකදී යමෙක්‌ සුදුකොඩි ඔසවාගෙන එන්නේ යටත්වීමට නම් ඔවුන් මැරීමට අණකිරීම අනුමත කළ නොහැකි බවත් මේ පිළිබඳව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාත් ප්‍රකාශයක්‌ කර තිබූ බවත් ඇමැතිවරයා ඊයේ (06 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කීය.

භාරත ලක්ෂ්මන් ප්‍රෙමචන්ද්‍ර මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූවකු ඊයේ සවස   කොලඹ මහාධාකරණයේදී පැවති භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට පෙනී සිට නිවෙසට යමින් සිටියදී අධිකරණය ඉදිරිපියදී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබේ. එම නඩුවේ 6 වැනි විත්තිකරු වන විදානගමගේ අමිල  මෙසේ පැහැර ගැනීමට ලක කරන ලදී. 

CronicKidny1වකුගඩු රෝගය නිසා දැනට 20000 කට වැඩි පිරිසක් රජරට ඇතුලු ප්‍ර දේශ වල මිය ගොස් ඇති බවත් වකුගඩු රෝගය නිවාරණය වෙනුවෙන් පැවැති රජයන් හා පවතින රජයන්ද සාධණය ක්‍රියාමාර්ග සඳහා යොමු වී නැති බවත් වකුගඩු රෝග මර්ධන ව්‍යාපාරය පවසා සිටී.

බ්ලූමැන්ඩල් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු පලාගිය ආමි සම්පත් සහ බ්ලූමැන්ඩල් සංඛ යන පාතාල ප්‍රබලයන් දෙදෙනා යාපනය ප්‍රදේශයට රැගෙන ගොස්‌ බෝට්‌ටුවක්‌ මගින් ඉන්දියාවට පිටත් කර හැරීමේ සැලසුමක්‌ පවතින බවත් ඒ පිටුපස ප්‍රබල දේශපාලනඥයකු සිටින බවද ආරක්‍ෂක බුද්ධි අංශ වාර්තා සඳහන් කරයි.

නයාට කියන වග නම්...!

Published in පුවත්
Friday, 07 August 2015 10:17

බොදු ජන පෙරමුණ මහ මැතිවරණයට තරග කරන්නේ අපිරිසිදු පුද්ගලයන්ගෙන් තොර පාර්ලිමේන්තුවක් 2025 වසරේ දී හෝ බිහි කර ගැනීමේ ගමනක් යාමේ අරමුණින් යැයි එහි ජාතික සංවිධායක විතාරන්දෙනියේ නන්ද හිමියන් අද (6) මාධ්‍ය සාකච්ඡාවක දී පැවසා ඇත. එ හිමියන් වැඩි දුරටත් පවසා ඇත්තේ, ‘යහපාලනය, මතට තිත, පිවිතුරු හෙටක්, සාධාරණ සමාජයක් ආදී සුන්දර වචන කියමින් බලයට ආ අය වර්තමානයේ දී රටේ දූෂණය හා භීෂණය වපුරමින් සිටිනවා. එකම පරිසක් පක්ෂ මාරු කරමින් දේශපාලනය කරනවා' යනුවෙනි.

ජල බද්ද හා මහින්ද

Published in පුවත්
Thursday, 06 August 2015 12:32

වත්මන් ආණුඩුව ජලය සඳහා බද්දක් අය කිරීමට සැලසුම් කරමින් සිටින බව අනුරාධපුර, එප්පාවල ප්‍රදේශයේ පැවති ජන හමුවක දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත. ඔහු පෙන්වාදෙන්නේ ඒ සඳහා කැබිනට් අනුමැතියද මේ වන විට ලබාගෙන ඇති බවයි.

ld add copy

Latest News

ගංවතුර වන්දි මේ මස අවසානයේදී

ගංවතුර වන්දි මේ මස අවසානයේදී

 පසුගිය නොවැම්බර් මාසයේ ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් හානිවූ වගාවන් සඳහා වන්දි මේ මස අවසානයේ ලබාදෙන බ...

Connet With Us