ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විවාදයකට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගය තමන් බාර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

පොලිස්පතිවරයාගේ නියෝග මත වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස්ථානාධිපතිවරුන් 07 දෙනෙකු ස්ථාන මාරුකර තිබේ.

රටේ දැනට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමා සමඟ ඕනෑම රූපවාහිනි නාලිකාවක විවාදයට එන්නැයි විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මුදල් ඇමැති රවි කරුණානායක මහතාට සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝග කර සිටී.

පාකිස්තාන හමුදාපති ජනරාල් රාහීල් ෂරීෆ් මහතා දින පහක සංචාරයක් සඳහා එළැඹෙන පස් වනදා දිවයිනට පැමිණීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනතුරුව  අල්ලස් හා දුෂණ කොමිෂන් සභාව තුල දුෂණ සහ අල්ලස් පැමිණිලි 3000ක් පමණ විභාග වෙමින් පවතින  බව වාර්තා වේ.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ බංකොලොත්කාරී දේශපාලන නායකයන් ගිලෙන්න යන වේලාවේ පිදුරු ගහක එල්ලී හෝ ගොඩ එන්නට දඟලන පුද්ගලයන් සේ හැසිරෙමින් කටයුතු කරන බව ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

හිටපු ජනාධිපති බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ මහත්මිය අද(01) දින මූල්‍ය වංචා විමරශන ඒකකය හමුවේ ප්‍රකාශයක් ලබා දීමට නියමිය.

මහාමාර්ග ඇමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් බිලියන 55න් 28කට සිදුවූයේ කුමක්දැයි යන්නට ඔහු පිළිතුරු දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂා මහතා 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' උත්තරයක් දී තිබේ.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us