රජයේ සේවකයන්ට වැඩිම වැටුප් ලබාදීමක් සිදුකලේ අපි - ගයන්ත
රනිල්, චන්ද්‍රිකාටයි මෛත්‍රීටයි රට වෙනුවෙන් දේශපාලනය කරන හැටි කියල දෙයි
දේශපාලන විප්ලවයක් කැර ජනවාරි අටවැනිදා භාරගත් රටට වඩා හොඳ රටක් පස් අවුරුද්ද අවසානයේ ආපසු භාර දෙන බව තමා නිර්භයව පවසන්නේ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය.
මහින්ද රාජපක්ෂට හා කිසිදු දූෂිතයෙකුට ශ්‍රී ලනීපයෙන් නාම යෝජනා ලබා නොදෙන බව ඊයේ ජනාධිපතිවරයා , මාදුළුවාවේ සෝභිත හිමි, අගමැති රනිල් වික්‍රමසිංහ හා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක හමුවේ පවසා ඇත. බණ්ඩාරනායක මහත්මියගේ ජනම දිනය අල්ලා පැවැති උත්සව අවස්ථාවකින් පසුව මේ බව ඔවුන් හමුවේ ප්‍රකාශ කොට ඇත.
මෙහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසූවද ජාතිය හමුවේ මේ සම්බන්ධ කිසිදු නිශ්චිත ප්‍රකාශයක් තවම සිදු නොකළේය.
පවතින දේශපාලන වාතාවරණය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් 20 කට අධික පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතුවීමට සූදානමින් සිටින බව අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
මෛත්‍රීට ඡන්දෙ දුන්නේ පවුල් පාලනය තුරන් කරන්න -මෛත්‍රී ජනවරම පවා දුන්නා
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මෑත කාලයේ සිදුකළ ලොකුම පාවාදීම බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.මේ නිසා එක්සත් ජනතා නිදහස් සන්ධානයට අගෝස්තු 17දා මැතිවරණයෙන් ඉතාම කණගාටුදායක ප‍්‍රතිඵලයක් ලැබෙන බවත් ජනවාරි 08වැනිදා ජනතාවගේ ඡන්දයෙන් පරාජය කළ කණ්ඩායමම නැවත වරක් මහ මැතිවරණයේ පරාජය නළලේ කොටාගෙන පැමිණෙන බවත් පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණතිලක මහතා අමාත්‍ය වගකීම දරණ ජනමාධ්‍ය අමත්‍යංශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට ගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙමින් තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
මහින්දට මෛත්‍රී එක්කම නැගිටින්න ඕනෙලු. අ'පුර රැළිය අහෝසියි
එළැඹෙන 09 වැනිදා අනුරාධපුරයේදී පැවැත්වීමට තිබූ මහින්ද සමග නැගිටීමු රැළි මාලාවේ ජන රැළිය දින නියමයක් නොමැතිව කල්දමා ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.