හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරුවරයෙකුට නොගැලෙපන අයුරින් කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක ප්‍රකාශ කළේය. කොළඹ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

පසුගිය මැතිවරණ සමයේ වත්මන ජනාධිපතිවරයාට සහය දැක්වීම සඳහා ඉදිරිපත් වූ ප්‍රාදේශීය දේශපාලකයින් කිහිප දෙනෙකුට ඇමති ආරක්ෂක ඒකකය මගින් ආරක්ෂාව ලබාදෙන බව වාර්තා වේ. මේ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අසාත් සාලි, එස් එම් මරික්කාර්, මනෝ ගනේෂන්, ප්‍රසන්න සෝලංගආරච්චි යන පිරිසට ඇමති ආරක්ෂාව ලබාදේ.

ආණ්ඩුවට සම්බන්ධවී සිටින ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරුන් තමන් දරන ඇමැතිධූරවලින් ඉවත් වීමට සූදානම් නැති බව ඇමැතිධූරවලින් ඉවත්ව ගිය රාජපක්ෂවාදී ශ‍්‍රී ලනිප මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (29) දිනයේ අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයන්හි දිවුරුම් දුන්නේය.

ලෝක ව්‍යවසායකත්ව දර්ශකයේ 71 වන ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී ඇත. ආසියානු-පැසිපික් කලාපයේ රටවල් අතර එය 11 වන ස්ථානය බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

ඊයේ ඇති වූ සිදුවීමෙන් පසු  මේ වනවිට කොටකෙතන ප්‍රදේශය  සන්සුන්  බවත් ආරක්ෂාව  තහවුරු කර ඇති  බවත්  පොලිස් මාධ්‍ය  ප්‍රකාශක කාර්යාලය පවසයි.

අමාත්‍ය පදවි වලින් ඉල්ලා අස්වූ ශ්‍රීලනිප අමාත්‍යවරුන් වෙනුවට වෙනත් ශ්‍රිලනිප අමාත්‍යවරුන් කිහිපදෙනෙකු දිවුරුම්දීමට නියමිත බව වාර්තාවේ.

අල්ලස් හා  දුෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහට  එරෙහිව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවේ නීති උපදේශකවරියක් ලෙස දීමනා ලබාගැනීම සම්බන්ධයෙන්  වූ   චෝදනා අසත්‍ය බව  අල්ලස් කොමිසම තීරණය කොට  තිබේ.

KJ 300 250 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us