දූෂණ වංචා චෝදනා එල්ලා වී ඇති පසුගිය රාජපක්ෂ රජයේ ප්‍රබලයන් ‍රැසක් ඉදිරි දින කිහිපය තුලදි අත් අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. ඒ අතර හිටපු ඇමැතිවරයකු, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු, රාජ්‍ය ආයතන ප්‍රධානීන් කිහිප දෙනෙකු හා භික්ෂුවක්ද වන බව පැවැසේ.

19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භයේත් ඉන් පිටත කාමර හා කමි‍ටු ශාලාවලත් පැවැති පොදු හා රහසිගත සාකච්ඡාවල තොරතුරු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට වාර්තා කිරීමට අවසානයේ ඉතුරුව සිටියේ විමල් වීරවංශ මහතා පමණක් බව රාජපක්ෂ පවුලේ ආරංචි මාර්ග පවසයි.

රුපියල් බිලියන 2.5ක් (ඩොලර් මිලියන 200ක්) වැය කර දුම්රිය එංජින් සහ මැදිරි ගනනාවක් ඉන්දියාවෙන් මිළදී ගැනීමට ප්‍රවාහන අමාත්‍යංශය සූදානම් වේ. ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ මෙම මිළදී ගැනීම සිදුවන අතර දුම්රිය එංජින් 6 ක් මැදිරි 160 ක හා තෙල් ගබඩා ටැංකි 30 ක් මීට අයත්ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් සරල සාමාන්‍ය ජීවිතයක්‌ ගත කරන රාජ්‍ය නායකයකු වර්තමානයේ නැතිතරම් ය. ඒ සරලකම නිසාම දෝ වත්මන් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන ආරක්‍ෂාවේ දැඩි දෝෂ සහගත තත්ත්වයක්‌ මතුව තිබෙයි.

විශ්වවිද්‍යාලවල ආචාර්ය තනතුරු 2142 ක්‌ පුරප්පාඩු වී පවතින බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අලුත්ම සංඛ්‍යාලේඛන අනාවරණය කරයි.

ජනාධිපති ධුරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට සහ සමාජයට බෙදාදීම තුළින් බෞද්ධ දර්ශනයේ සදහන් පොදු බව සහ සාමුහිකත්වය තුළින් රට ඉදිරියට ගෙන යාමේ අවස්ථාව උදාවී ඇති බව ජනාධිපතිවරයා පවසයි.

මේ වන විට දිවයිනට පැමිණ සිටින අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ හමුව අද (02)පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි. විශේෂ කාරණා රැසක් පිළිබඳව මෙම හමුවේදී අදහස් හුවමාරු වූ බව වාර්තාවේ.

ආණ්ඩු බලය තිබිය දී සිදු කළ මැර ක්‍රියා ඇතැමුන් අද විපක්ෂයේ සිට කරන්නට උත්සහ දරමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

 

ld add copy

Latest News

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව   

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව...

Connet With Us