රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට (06) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

පාසල් සිංහල,  මුස්ලිම් සහ දෙමළ  ලෙස වෙන්  කිරීමට  තමන් තදින්ම විරුද්ධ බව  ජනාධිපතිවරයා  පවසයි.  පාසල් කතා කරන  භාෂාව අනුව  වෙන් නොකළ යුතු බව ඔහුගේ   අදහසයි.

ආණ්ඩුවට ලබාදුන් දින සියය දැන් අවසන් බැවින් ඉදිරි දින සියය තුළ රනිල් වික්‍රමසිංහ මහතාගේ යහපාලන ආණ්ඩුව පළවාහැරීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවතීර්ණ විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි. කළුතර පැවැති මහජන හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත් පියවර රැසක් පසුගිය මාස තුන තුළ රජය ගෙන ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කළේය.රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීම සඳහා නව රජය ලෙස ගතහැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා පැවසුවේය.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දක්ෂිණ මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (05දා) එක්වෙමිනි.

නියෝජ්‍ය පොලිස්පති ධූර පුරප්පාඩු පිරවීමට සුදුසුකම් සම්පූර්ණකර ඇති ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරීවරුන් නොමැතිකම හේතුවෙන් විශ‍්‍රාමික නියෝජ්‍ය පොල්ස්පතිවරු කිහිප දෙනෙක් නැවත පොලිස් සේවයට කැදවීමට පොලිස් මූලස්ථානයේ අවධානය යොමුවී ඇත.

එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට හිමිව තිබූ අගමැති ධුරය ඔහුට නොදුන් මහින්ද රාජපක්ෂ මහතා අද අගමැති අපේෂක ධුරය අයදිමින් වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුපස යාම දෛවයේ සරදමකැයි නාගරික සංවර්ධන ජලසම්පාදන හා ජලාපවහන නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කරයි.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් හෙට දහවල් 1.30ට පාර්ලිමේන්තුවේ ජනාධිපති නිළකාමරයේදී සිදු වීමට නියමිතය.

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන ඇත.

 

ld add copy

Latest News

අද ගිගුරුම් සහිත වැසි

අද ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරු...

Connet With Us