රාජපක්ෂ පාලනයේ ආර්ථික කළමණාකරනයේ දුර්වලතාවය මත ගිය වසරේ (2014) ඇස්‌තමේන්තගත අයවැය හිඟය රු.කෝටි 7511.8 කින් ඉහළ ගොස්‌ තිබේ.

හිටපු වෙළෙඳ හා සමුපකාර ඇමැති කුරුණෑගල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාට හෙට (05 වැනිදා) පොලිස්‌ මූල්‍ය අපරාධ විමර්ශන කොට්‌ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. එම අවස්ථාවේදි ඔහුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ සූදානමක් ඇති බව පැවැසේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති මාලාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව සහතික වනු ඇති බවත් තමා ශ්‍රී ලංකාවට පැමිණීමට තීරණය කළේ එම සුබවාදී ආකල්පයන් සමග බවත් ඇමරිකානු රාජ්‍ය ලේකම්ජෝන් කෙරී මහතා පවසයි.

ඇවන්ට්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එම සමාගමේ සභාපතිවරයා, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු ඉහළ පෙළේ පස්දෙනකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා ඇමැතිවරයකුගේ දැඩි බලපෑමක් සිදුවෙමින් තිබෙන බව වාර්තාවේ.

ජනතා විමුක්ති පෙරමුණෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා ජනසේත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි සමඟ සන්ධානයකට එළඹීමට එකඟ වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

යහපාලන ජාතික ආණ්ඩුවේ ඇමතිවරයෙක් මඩු රක්ෂිතය එළිපෙහෙලි කර තම ඡන්දදායකයන්ට බෙදාදීමේ ක්‍රියාදාමයක නිරත වෙමින් සිටින බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සම්බන්ධීකාරක පරිසරවේදී රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසයි. වාණිජ්‍ය හා කර්මාන්ත අමාත්‍යවරයා වන රිෂාඩ් බදුර්දීන් විසින් මේ වනවිට අක්කර 04 ක පමණ ප්‍රමාණයක් එළිපෙහෙළි කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

පසුගිය ජනාධිපතිවරණය පැවති සමයේ ජනාධිපති අපේක්‍ෂකවරයකු වූ මෛත්‍රීපාල සිරිසේන මහතාට අපහාසාත්මක වන අන්දමේ ප්‍රවෘත්තියක්‌ නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්‌ කාර්යාලයේ අමාත්‍ය ධුරයක්‌ දෑරූ සේපාල රත්නායක මහතා සොයා ගැනීම සදහා ජාත්‍යන්තර පොලීසියේ සහාය ලබා ගැනීමට කොළඹ මහේස්‌ත්‍රාත් උසාවිය පොලීසියට අවසර ලබා දී තිබේ.හිටපු ජනාධිපති මහින්ද රාජපක‍්ෂ මහතාගේ නීති උපදේශකයෙක් ලෙසද කටයුතු කළේය.

අගුණකොල පැලස්සේදී ජනපතිතු මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි වූ රැස්වීමකට ගිනි අවියක්ද රැගෙන පැමිණි නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයකු වන යුද හමුදා කෝප‍්‍රල්වරයා අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. 

 

ld add copy

Latest News

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව   

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව...

Connet With Us