ස්ත්‍රී දූෂණ හා ඝාතන චෝදනා එල්ලවී ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු හා ඔහුගේ කලා උපදේශකයා යැයි කියනු ලබන ලේක් හවුස් ආයතනයේ නියෝජ්‍ය කළමණාකාරවරයකු වූ සමන් දිසානායක නැමැත්තා විසින් ගීත රචකයෙකු හා සාහිත්‍යකරුවෙකු වන රවී සිරිවර්ධනට සිදුකරන ලද මරණීය තර්ජන කිරිම සම්බන්ධයෙන් සිදුකර තිබූ පැමිණිල්ලක් අද(29) අධිකරණය විසින් විභාග කිරීමෙන් අනතුරුව සමන් දිසානායක අත්අඩංගුවට ගන්නා ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය, පොලීසිය නියෝග කොට සිටියේය.

මෙතෙක් පත්වූ සියලු ජනාධිපතිවරුන් ජනාධිපති බලතල ඉවත් කරන බවට බොරු පොරොන්දු දුන් බවත්, රට පාලනයට පෞරුෂයක් නැතැයි චෝදනා එල්ල වූ කෙසඟ සිරුරක් ඇති ගමෙන් ආ ගොවි පුතෙකු එය වෙනස් කළ බවත් කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවක නිරත වූ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ ස්වාමින් වහන්සේලා පිරිසකට මීට ටික වේලාවකට පෙර පොලිසිය කඳුළු ගෑස් සහ ජල කදම්බ ප්‍රහාරයක් එල්ල කළේය.

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නවත්වන ලෙස ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය ගොනුකළ පෙත්සමක් අභියාචනාධිකරණයේදී අද (29) විභාගයට ගැණුනි.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මතවීම ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන බොහෝ‍දෙනාගේ ප්‍රසාදයට හේතුවුවද වෙනස්කම් වලට භාජනය වූයේ කුමන කරුණුද යන්න අවධානයට ලක්විය යුතුය.

නේපාල ජනතාව හාරදහසකට අධික පිරිසකට මරු කැදවූ භුමිකමපාවෙන් පසු ,තවමත් සහන සේවා ළගා නොවූ ගම්මාන වෙත සහන සැලසීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මැදිහත් වී ඇත.

විධායක ජනාධිපති ධුරය ඇති කළ එක්සත් ජාතික පක්ෂයම එහි බලතල ඉවත් කිරීමටත් කටයුතු කළ බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.එස් වීරසිංහ සහ එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.එම්.අමරකෝන් මහතාගෙන් මූල්‍ය අපරාධ විමර්ශන ‍ඒකකය මේවන විට ප්‍රකාශයක් ලබා ගනිමින් සිටින වාර්තාවේ.

 

ld add copy

Latest News

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව   

රනිල්ගේ අලුත් වැඩේ ගැන ලංසා කියන කතාව  

ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩ බැහැ කියලා ඔප්පු කරලා ඉවර බවත් පුරුද්ද, පලපුරුද්ද මේ අයට නොමැති බව...

Connet With Us