1969 අංක 3 දරණ නීති කොමිෂන් සභා පනතේ 2වන වගන්තියේ විධිවිධාන යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ පත්කිරීම් සිදුකර ඇත.

වත්මන් රජය විසින් ශිෂ්‍ය ව්‍යාපාර සහ ජනතා උද්ඝෝෂණ මර්දනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බවත් මේ නිසා ජනතාවගේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට සාහසික පහරක් එල්ල වී ඇති බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියි.

අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ක්‍රියාවට නැඟුන හොත් මෙරට සුලුතර ප්‍රජාවන්ගේ පාර්ලිමේන්තු නියෝජනය බරපතල ලෙස දුර්වල විය හැකි යැයි මුස්ලිම් සිවිල් සංවිධාන හතරක් නිවේදනයක් නිකුත් කරමින් අනතුරු ඇඟවීමක් කරති.

විසි වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳව එක්‌සත් ජාතික පක්‍ෂයේ නිල ස්‌ථාවරය එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ යුතු යෑයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කළේය.

ප්‍රවීණ නාට්‍යවේදිනියක,රංගන ශිල්පිණියක මෙන්ම රංගකලා ආචාර්යවරියක වන සෝමලතා සුබසිංහ මහත්මිය මියගොස් තිබේ.

දෘශ්‍යාබාධිත ඡන්ද දායකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නව ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

පසුගිය වසර දෙකහමාරක කාලය තුල තම පවුල මුහුණ දුන් අපහාස කිරීම්, හිරිහැර සහ තාඩන පීඩන හමුවේ තමන් මුහුණපෑ මානසික පීඩනය අද නාමල් රාජපක්ෂට තේරුම් ගොස් ඇත්දැයි හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායකගේ පුතු වන ශවීන් බණ්ඩාරනායක ප‍්‍රශ්න කර තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ තමන්ගේ මව හා සොහොයුරන් පීඩාවට පත් නොකරන්නැයි ඉල්ලමින් නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා ෆේස් බුක්හී තබන ලද සටහනට පිළිතුරු ලෙසයි.

හිටපු ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි ඇමති ධුරයෙන් ඉවත් වීමට හේතුවූයේ ඇයගේ අනවසර මැණික් පතල් කිහිපයක් වටලා එහි සේවකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම නිසා බව වාර්තා වේ.

ld add copy

Connet With Us