ශ්‍රී ලංකාවේ නාගරික සංවර්ධන සැලසුම් සකස් කිරීම සඳහා සිංගප්පූරු ආදර්ශයන් කෙරෙහි යොමු වීමට නාගරික සංවර්ධන, ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරු වන ජනිත් මධුෂංක ද සිල්වා හෙවත් පොඩි ලැසී මේ මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකළේය.

කල්පිටිය සංවර්ධන ව්‍යාපෘතිය යටතේ එහි දූපත් 11ක් අවුරුදු 30 සිට - 99 දක්වා කාලයකට පෞද්ගලික අංශයට බදු පදනම මත ලබාදීමට සැලසුම් කර අැත.

දෙමළ ජාතික සන්ධානය විසින් පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව හා සම්බන්ධයක් නොමැතිව පවතින විශාලම පක්ෂය ලෙස තමන්ට විපක්ෂ නායක ධුරය දැරීමට අයිතියක් ඇති බව පවසයි.

පසුගිය අයවැයෙන් යෝජනා කළ පරිදි සියලු පෙර ගෙවුම් පාරිභෝගිකයන්ට දේශීය ඇමතුම් සඳහා 25% ක සහනයක් හෙට (07) දිනයේ සිට ලබාදීමට නියමිතය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සෙකා මහතා සිරස රූපවාහිනිය සමඟ ඊයේ(05) සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තමාට ෆීල්ඩ් මාෂල් ධුරය හිමිවීට තිබූ සුදුසුකම් පිළිබදව සහ එම ධුරය අපේක්ෂා කළ අනෙකුත් අයට එය නොලැබීමට බලපෑ හේතු සාධක පිළිබදව පැහැදිලි කිරීමක් සිදු කළේය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙ‍ටුම්පත මේ දක්වා ප්‍රසිද්ධ කිරීමක් නොකිරීමත් එය හදිසියේ පාර්ලිමේන්තුවට ගෙන ඒමට එක්සත් ජාතික පක්ෂය දරන උත්සහය වැලැක්වීම සඳහාත් ශ්‍රී ලනීපයත් ජාතික හෙළ උරුමයත් අද දින කතා නායකවරයා හා සාකච්ඡා කිරීමට නියමිතය.

මේ වන විට අවතැන්ව සිටින රාජපක්ෂවාදී දේශපාලන පක්ෂ හා එම පක්ෂ හා අනුබද්ධ වෘත්තීය සමිති කිහිපයක් එක් වී 'වැඩ කරන ජනතාවගේ එක්සත් මැයි දින ‍රැළිය 'නමින් වෙනම මැයි දින ‍රැළියක් පැවැත් වීමට නියමිත අතර මේ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද සහභාගී වීමට නියමිත ය.

 

ld add copy

Latest News

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

අප්‍රිකානු සුකර උණ ලංකාවට පැමිණේ

බස්නාහිර පළාතේ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පළමුවරට ඌරන් ආශ්‍රිතව වාර්තා වූ ප්‍රජනන හා ශ්වසන රෝගය අප්‍රික...

Connet With Us