රටේ ප්‍රබල දේශපාලකයකුගේ සමීප ඥාතියකු විසින් සිදුකරමින් තිබෙන නීති විරෝධී බොරලූ කැපීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු වාර්තා වෙයි. හිඟුරක්ගොඩ යුදගනාව ප්‍රදේශයේ කෙරෙන මෙම ජාවාරම නීත්‍යානුකූල බව හැඟවීම සඳහා භූ විද්‍යා හා පතල් කාර්යාංශයේත්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේත් අවසර පත් ව්‍යාජ ලෙස සකස් කර ඇති අතර මධ්‍යම පරිසර අධිකාරියේ හා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මෙම ජාවාරම් කරුවා ලබාගෙන ඇති බවත් වාර්තාවේ.

අලුතින් ඇතිකරන ලද පොලිස් මුල්‍ය වංචා පරීක්ෂණ ඒකකය, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධව නීතිපති උපදෙස් බලාපොරොත්තුව සිටින බව වාර්තා වේ.

කොළඹ නගර සභාවේ හෝටල් ආහාර හා ජලය විශ්ලේෂණය, සේවකයින්ගේ රසායනාගාර පරීක්ෂණ අයතා ලෙස පෞද්ගලික රසායනාගාරයක් වෙත යොමු කිරීමෙන් නගරසභාවට ලැබියයුතුව තිබු මිලියන 30 ක පමණ ආදායකම් අහිමි වී ඇති බව වාර්තාවේ.

වත්මන් පාලකයන් චීනයට ස්තූතිවන්ත වියයුතු බවත් ඔවුන්ට අපරාධකාරයන් ලෙස නොසැලකියයුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක මහතා චීනයේ සවුත් චයිනා මෝර්නින් පොස්ට් පුවත්පත සමඟ සම්මුඛ සකච්ඡාව්ක යෙදෙමින් පවස ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ උතුර කොට්ඨාසයට මාරු කර තිබේ.

යුද්ධයේ අවසාන භාගයේදී සිදු වූ බව පැවසෙන යුද අපරාධ චෝදනා විභාග කිරීම පිණිස මසක් ඇතුලත විශේෂ පරීක්ෂණ කමිටුවක් ඉක්මනින්ම පත්කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඉදිරි මහ මැතිවරණයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති අපේක්ෂක ලෙස නම් කරන්නැයි සිය පෙරමුණ කිසිදු අවස්ථාවක යෝජනා කර නොමැති බව ප්‍රජාතන්තවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කෙළේය.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් කෙරුණු පරීක්ෂණවලට අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයා වහාම අත්අඩංගුවට ගෙන පුළුල් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ජාතික විධායක සභාව ඒකමතිකව තීන්දු කළ බව සෞඛ්‍ය ඇමැති හා කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා දිනමිණ පුවත්පතට පවසයි.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us