ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙස තම බිරියගේ සහෝදරයකු පත්කිරීම සම්බන්ධයෙන් මුදල් ඇමැති රවී කරුණානායකට දැඩි විරෝධයක් එම සංස්ථා‍වේම ජාතික සේවක සංගමයේ ක්‍රියාකාරින් පිරිසක් පළ කැර තිබේ.

ජනාධිපති බලතල අවම කිරීමට ප්‍රමුඛතාව ලබා දෙමින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඊයේ(15) සවස පැවැත්වූ විශේෂ කැබිනට් රැස්වීමේ දී අනුමැතිය ලබාදී අදාළ ගැසට් පත්‍රය මධ්‍යම රාත්‍රියේ මුද්‍රණය කිරීමට පියවර ගෙන තිබේ.

පසුගිය පාලන සමයේදී රාජපක්ෂවාදී ලෙස කටයුතු කළ දිස්ත්‍රික් ලේකම් වරුන් ගනනාවක් ගැන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හා අගමැති වරයා වෙත පැමිණිලි ‍රැසක් ලැබී ඇති බව වාර්තා වේ. විශේෂයෙන්ම නව ආණ්ඩුව පත් වීමෙන් පසුව රජයෙ සංවර්ධන කටයුතු හිතා මතා අඩපණ කර නව ආණ්ඩුව සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන ඒවා නැතැයිද එම කටයුතු අත් හි‍ටුවා ඇතැයිද ආදී වශයෙන් කොන්ත්‍රාත්කරුවන්ට දැනුම් දීමත් අඩක් නිම කර තිබු සංවර්ධන කටයුතු හේතුවෙන් මහජනතාව අපහසුවට පත් කිරීමට කටයුතු කිරීමත් මොවුන් විසින් සිදු කොට ඇත.

මෙරට සංවර්ධන යෝජනා ක්‍රම නිසා වෙනස් වූ ලංකා සිතියම සංශෝධනය කර මුද්‍රණය කර ඇතැයි මිනුම්පති පී. එම්. පී. උදයකාන්ත මහතා පවසයි. විශේෂයෙන් ම හම්බන්තොට වරාය, නැ‍ඟෙනහිර පාලම් පාරු හා සපත්තු පාලම් වෙනුවට ස්ථිර පාලම් යෙදීම නිසා සිතියමේ මාර්ග රැසකට නව සංශෝධන ඇතුළත් කිරීමට සිදුවූ බව හෙතෙම පෙන්වා දෙයි.

අද (15)පස්වරුවේ විශේෂ කැබිනට් රැස්වීමක් පැවැත්වීමට නියමිතය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගැනෙනු ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වසර 4කට වැඩි කාලයක් එක් දිස්ත්‍රික්කයක සේවය කර ඇති දිස්ත්‍රික් ලේකම්වරුන්ට වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු ලබා දීමට ස්වදේශ කටයුතු අමාත්‍යංශය තිරණයකර අැත.

දේශපාලන සිරකරුවන් වී සිටින පුද්ගලයන් නිදහස් කරන ලෙසත්, අතුරුදන් වූවන් පිළිබඳ නිසි පිළිතුරක් තමන්ට ලබාදෙන ලෙසත් ඉල්ලමින් යාපනය නගරයේ විරෝධතාවක් ආරම්භ කර අැත.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද (14) පෙරවරුවේ ජයශ‍්‍රීමහා බෝධිය වැද පුදාගත්තේය.

 

ld add copy

Latest News

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති   

හොඳ අයවැයක් හදා ගන්න IMF සමග සාකච්ඡා කරනවා - ජනපති  

ඉදිරියේදී හොඳ අයවැයක් ඉදිරිපත් කිරීම සඳහා ආර්ථික උපදේශකයෙකු ඇතුළු මුදල් අමාත්‍යංශ නිලධාරීන් ජාත්‍යන්...

Connet With Us