‘‘ජනාධිපතිවරයා ලෙස ධුරය දරන කවර හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයෙහි ලා හෝ නිල තත්ත්වයෙහි ලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරියක කිසිම කටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙන යාම නොකළ යුත්තේ ය’’
රටේ ජනතාවගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට නියෝජිතයන් පත්කර යවනු ලබන්නේ රටක සම්පත්, ජාතික දේපළ ආරක්ෂා කර ඒවා වැඩි දියුණු කර හදාවඩා ජනතාවගේ උවමනාවන් සඳහා, සමාජයේ ඉදිරි සංවර්ධනය සඳහා ක්‍රමවේදයන් සකස් කර සොර සතුරන්ට ජාතික දේපළ සොරකම් කර ගැනීමට ඇති ඉඩකඩ අහුරා, එසේ ජාතික දේපළ හොරකම්කළ පුද්ගලයන් නීතිය ඉදිරියට ගෙනඒම තුලින් රටේ ජනතා දේපළ ආරක්ෂා කර ගැනීම සඳහායි.
රට පාලනය කිරීම සඳහා වරින් වර පත්වන ආණ්ඩු තම තමන්ගේ කාලසීමාවන් තුළ විවිධ රටවල් සමග විවිධාකාරයේ වෙළෙඳ ගිවිසුම්වලට එළඹෙන්නේ ය. එම ගිවිසුම් කෙතරම් දුරට ලාංකීය ආර්ථිකයට සහ ලාංකීය දේශපාලනයට වැදගත් ද නොවැදගත් ද යන්න පිළිබඳ ජනතාව දැනුවත් කිරිමක් නම් මේ කිසිඳු අවස්ථාවක සිදුව නැත. ජනතාව ඒ සම්බන්ධයෙන් දැනුවත් වන්නේ ඒ ඒ සමයන්හි පවතින විපක්ෂයෙන් හෝ වෙනත් සිවිල් සහ බහුජන සංවිධාන මාර්ගයෙනි. මීට පස්වසරකට පමණ පෙර කරළියට පැමිණි ‘‘සීපා ගිවිසුම’’ හෙවත් Comprehensive Economic Partnership Agreement ගිවිසුම ද එවැන්නකි.
මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? - ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්)
අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය.
පසුගිය රාජපක්ෂ රෙජීමයේ සුවිශේෂිත චරිතයක් වූ ගෝඨාභය රාජපක්ෂ සමග srilankamirror වෙබ් අඩවිය කළ සම්මුඛ සාකච්ඡාව මහත් ආන්දෝලනයකට ලක්විය. ඒ සම්බන්ධයෙන් 2015 අප්‍රේල් මස 15 වැනිදා යම් සටහනක් තැබූව ද ඒ වන විට එම සම්මුඛ සාකච්ඡාවේ සම්පූර්ණ විඩියෝ පටය විකාශනය කර නොතිබිණ.
ලංකාව තුළ දිගින් දිගටම ජාතික ගීය පිළිබඳ විවිධ සංවාද පවතී. පවතින දේශපාලනික පසුබිම අනුව එම තත්ත්වයන් තවදුරටත් තීව්‍ර කෙරේ. විචාරශීලීව, විදග්ධ මට්‌ටමින්, විචක්‌ෂණශීලීව අවධානය යොමුකරනවා වෙනුවට, ගැටලුව තව තවත් උග්‍ර කරවන අයුරින් බොහෝ දෙනා මැදිහත් වන ස්‌වභාවයක් පෙන්නුම් කෙරේ.
අසාධනීය දේශපාලඥයන්: අපට කළ හැක්කේ කුමක්ද? - දොස්තර යු. පෙතියාගොඩ
දේශපාලඥයන්ව පුනරුත්ථාපනය කළ නොහැකි වීම පසුපස ඇති සරළ හේතුව වන්නේ, ඔවුන් සුවිශේෂී වෘත්තීය සමිතියක සාමාජිකයන් වීමයි. ඒ වෘත්තීය පෙළගැසීම හරහා තම වේතන ඇතුළු අනේක වරප්‍රසාද තමන් විසින්ම සකසා ගැනීමට ඔවුන්ට හැකිව තිබේ. එහිදී, මූල්‍යමය ශික්ෂණය සහ සමානුපාතිකතාව ගැන ඔවුහූ නොතකති. එහි ප්‍රතිඵලයක් වශයෙන්, රටේ අද පවතින වඩාත් අර්ථලාභී රැකියාවක් බවට දේශපාලනය පත්ව තිබේ. හෙවත්, සොච්චම් නිෂ්පාදනයක් වෙනුවෙන් ලබා ගන්නා ගෙවීමක් වශයෙන්, අත දිග හැර තමන්ටම ප්‍රතිලාභ ලබාගත හැකි රැකියාවක් බවට එය පත්ව ඇති අතර, බොරුව සහ මිථ්‍යාව ඉහවහා ගිය, කමකට නැති නිකමුන් රොත්තක් එම ක්‍රමය තුළ නඩත්තු කෙරෙමින් තිබේ. මේ තත්වය සදහටම එසේ වනු ඇත.