40 හැවිරිදි යුකෝ ඔබුචි මෑතකදී පත්කළ ජපාන අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධුරයෙන් පිදුම් ලැබූ අමාත්‍යවරියන් පස්දෙනාගෙන් එක් අයෙකි.
දේශපාලන අරමුදල් තම පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් භාවිතා කළ බවට ඇයට චෝදනා එල්ලවුනි.
තම රූපලාවන්‍ය කටයුතු සඳහා සහ පෞද්ගලික පරිහරණයට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා අදාළ මුදල් යොදාගත් බවටයි ඇයට විරුද්ධව චෝදනා එල්ලවී ඇත.
ඒ අනුව අමාත්‍යවරිය ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සමග විනාඩි 30 ක පමණ සාකච්ඡාවක් පැවැත්වීමෙන් පසු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඔහු වෙත භාරදී දී ඇත.