මරා දමනු ලැබ ඇති ළමුන්ගෙන් එක් ළමයකු හැර සෙසු දරුවන්ගේ මව එම කාන්තාව බව පැවසේ.
මෙම ඝාතනය සිදුකළ 37 හැවිරිදි කාන්තාව පසුව තම ශරීරයට පිහියෙන් ඇන ගෙන තිබේ.
මෙම තුවාල සහිතව වැටී සිටියදී ඇය රෝහල් ගත කරනු ලදුව පසුව කළ පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ මේ බිහිසුණු ඝාතනය සිදුකර ඇත්තේ මාර්සවේ මරියා නමැති කාන්තාව විසින් බවයි.
වයස මාස 18 සිට අවුරුදු 14 දක්වා සීමාවල සිටි දරුවන් හත්දෙනාම මේ කාන්තාව විසින් පිහියෙන් ඇන මරාදමා ඇත. ඕස්ට්‍රේලියා අගමැති ටෝනි ඇබොට් පවසා ඇත්තේ මෙය වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි දරුණු අපරාධයක් බවයි.