බි්රතාන්ය මාධ්‍ය වාර්තා සදහන් කලේ අනතුරත් සමග නෞකාවේ සිටි පුද්ගලයින් අට දෙනෙකු අතුරුදන්ව ඇති බවයි.
දිගින් මීටර අසු තුනක් වන නෞකාව සම්පුර්ණයෙන්ම මුහුදේ ගිලි ගොස් ඇති අතර එහි කාර්ය මණ්ඩලය පිලිබදවද මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ.
හොග් ඔසාකා නැමති මෙම නෞකාව සදර්න්ටන් වරායෙන් පිටත්ව යන අතරතුරයි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ. නෞකාව තුල සිමෙන්ති ටොන් දෙදහසක් පැවති බවද විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළා.
ඊයේ දිනයේද පිළිපීනයට අයත් වෙළෙද නෞකාවක් මුහුදුබත් වී තිබුණා. ඒ ඉන්දුනීසියාවට ආසන්න මුහුදු තීරයේදීයි. එම අනතුරින්ද පුද්ගලයන් 16 දෙනෙකු අතුරුදන්ව තිබෙනවා.