මේ අතර ඔබාමාගේ පැමිණීමට පෙර ඉන්දියාවට පැමිණ සිටින ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සම්මන්ත්‍රණයකට සහභාගි වී ඇත. මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉතා හොඳ ආයෝජන සබඳකම් පවත්වා ගැනීම තුළින් ඉන්දියාවේ වර්ධනයත්, පාරිසරික වෙනසක් ඇති කර ගැනීමේ හැකියාවක් කරා යා හැකි බවයි.
මෙම ඉන්දීය සංචාරය නිම කිරීමෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් කෙරී පාකිස්තානයේ සංචාරයක්ද අරඹා තිබේ. පසුගිය මස පාකිස්තානයේ පාසලකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු තම ශෝකය පළකර ඇති බව වාර්තා වේ.