චීනයේ මිනිස් ජාවාරම ඉහලට

Published in විදෙස්
Thursday, 15 January 2015 11:10

මිනිස් ජාවාරම්කරුවන් හොර රහසේ රඳවා ගෙන ප‍්‍රවාහනය කරමින් සිටි ළදරුවන් 37 දෙනෙකු බේරා ගැනීමට චීන පොලීසියට හැකි වී තිබේ.

නැගෙනහිර චීනයේ, ෂැන්ඩොංග් පළාතේ අලූත උපන් දරුවන් 37 දෙනකු සහ වයස අවුරුදු 3ක ගැහැණු දරුවකු විශාල ප‍්‍රමාණයේ අත්බෑග් සහ සූට්කේස්වල අසුරාගෙන ප‍්‍රවාහනය කරමින් සිටි ජාවාරම්කරුවන් 103 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත් විය.

ජාවාරම්කරුවන් පොලීසියට පවසා ඇත්තේ ගමන් මලූවල ක්ෂණික නූඞ්ල්ස් සහ එළවළු වර්ග අසුරා ඇති බවයි. එ් පිළිබඳ සැක සිතී පොලීසිය ගමන් මලූ පරීක්ෂා කර ඇත. ළදරුවන් සියලූ දෙනාම අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ පසු වන පොලීසිය පවසයි.

අලූත උපන් දරුවන්, මන්දපෝෂණයෙන් පීඩා විඳින දරුවන් හා එච්.අයි.වී එ්ඞ්ස් වෛරසය ශරීරගත වූ දරුවන් මෙසේ හොර රහසේ යුවාන් 50,000 සිට 80,000 දක්වා අතර මිලකට අලෙවි කරන බවට පොලීසියට තොරතුරු ලැබී ඇත. පිරිමි ළදරුවන් ගැහැණු දරුවන්ට වඩා මිලකට අලෙවි කිරීමට හැකි නිසා මිනිස් ජාවාරම්කරුවන් අතරේ පිරිමි දරුවන්ට වැඩි ඉල්ලූමක් පවතී. එමෙන්ම නිරෝගී දරුවන්ට ජාවාරම්කරුවන් අතර විශාල ඉල්ලූමක් පවතින බව වාර්තා වේ.

ළමා ජාවාරම මෑත කාලයේ සිට චීන රජය මුහුණ දෙන ප‍්‍රධානතම ගැටලූවකි. චීන ජනරජයේ නීතිය අනුව ළමා ජාවාරම්වල යෙදී හසුවන්නන් දස වසරක සිර ද`ඩුවමකට යටත් කරයිි. පසුගිය කාලයේ දහසකට අධික ළමා ජාවාරම්කරුවන්ට මෙසේ සිර දඬුවම් ලබා දී තිබේ.

නමුත් ළමා ජාවාරම්කරුවන් ඔවුන්ගේ ව්‍යාපාරය සාර්ථකව කරගැනීම සඳහා නවතම උපක‍්‍රම භාවිතා කිරීම පොලීසිය මුහුණ දී තිබෙන එක් ගැටලූවකි. කෙටි පණිවුඩ හා වෙබ් අඩවි ඔස්සේ දරුවන් අලෙවි කරන කණ්ඩායම් සහ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍යවරුන් චීනය පුරා සිටින බව එරට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂකවරයෙක් පවසා තිබේ.

 

-rivira-

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us