මෙම විරෝධතා හේතුවෙන් මේ වන විට සාමාන්‍ය වැසියන් තුන් දෙනෙක් මියගොස් ආගමික ස්ථාන කිහිපයකට හානි සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය දා පැරිසියේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූයේ ඉහත කී සඟරාව පළ කරන පුවත් පත් කාර්යාලයටයි. ඉන් දෙළොස් දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ අතර එම සිද්ධියට සම්බන්ධ යයි සැකකෙරෙන තුවක්කුකරුවන් දෙදෙනෙක් ප්‍රංශ පොලීසිය මගින් වෙඩි තබා මරා දැමුණා.
එම ප්‍රහාරයට සම්බන්ධ බව සැක කෙරෙන තවත් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව ප්‍රංශ පොලිසිය නිවේදනය කර ඇත.
මීට අමතරව පසුගියදා පකිස්ථානය තුලද මෙම සඟරාවට විරෝධය පළ කෙරුණා.