ගම්මාන වෙත එල්ල කර ඇති ප්රහාරවලදී එසේ පැහැරගෙන ගොස් ඇති පිරිසෙන් වැඩි දෙනා බාලවයස්කාර දරුවන් බවද විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.
ඊසානදිග නයිජීරියාවේ ගම්මාන කිහිපයක බලය පතුරුවන බොකෝ හරාම් අන්තවාදීන් මේ වනවිට අසල්වාසී රටවලටද බලවත් තර්ජනයක්ව පවතී.
චාද් රාජ්‍යයද නයිජීරියාවට මායිම් වන අතර, ඔවුන්ද මෙම අන්තවාදීන් සමග සටනට හමුදා එවා ඇති බව පැවසෙයි.
ඔවුන් මීට පෙර නයිජීරියාවේ පාසල් සිසුවියන් විශාල පිරිසක්ද පැහැරගත් අතර, ගම්මාන රැසක් විනාශ කර මිනිස් ජීවිත දහස් ගණනක් මේ වනවිට බිලිගෙන හමාරයි.