ශුද්ධෝත්තම පාප්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පිලිපීනයේ මැනිලා නුවර ඊයේ (18 )පැවති දිව්‍ය පූජාවට මිලියන 6 ක පමණ බැතිමතුන් සහභාගි වු බව විදෙස් වාර්තා සඳහන් කළේය.
එය පාප්වහන්සේගේ දිව්‍ය පූජාවක් සඳහා සහභාගි වූ වැඩිම ජන කොටස ලෙස ලෝක වාර්තාවක් සනිටුහන් කරයි. මිලියන 100 ක් පමණ වන පිලිපීන ජනගහණයෙන් සියයට 80ක්ම කිතුනුවන්ය.