එරට පාර්ලිමේන්තුව ලබාදුන් අනුමැතියකට අනුව මෙලෙස කැනඩාව සිය ගුවන් ප්රහාර දියත් කර ඇත.
ප්රහාර සඳහා යුද ගුවන් යානා දෙකක්ද සිරියාවට යවා ඇත. සිරියාව තුළ සිටින අයි.එස්. කැරළිකරුවන්ට ප්රහාර එල්ල කිරීමට කැනඩාව මැදිහත්වීම සම්බන්ධයෙන් එරට පාර්ලිමේන්තුව තුළ දැඩි වාද විවාද පැවැත්වුණි.
එරට විපක්ෂය කියා සිටියේ අයි.එස්. කැරලිකරුවන්ට එරෙහිව ප්රහාර දියත් කිරීම සඳහා කැනඩාව මැදිහත් නොවිය යුතුබවය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමෙන් අනතුරුව ගුවන් ප්රහාර එල්ල කිරීමට එරට පාර්ලිමේන්තුව අවසර ලබාදුන්නේය.