මෙම යෝජනාව තුළින් කරුණු කිහිපයක් අපේක්ෂා කරන අතර සටන්කාමීන් සඳහා ආයුධ නැව් ගත කිරීම තහනම් කිරීම එයින් අපේක්ෂිත එක් යෝජනාවකි.
එමෙන්ම යේමනයේ දැනට අත්පත් කර ගෙන සිටින භූමි ප්‍රදේශ වලින් වහා ඉවත්වන ලෙස හවුති සටන්කාමීන්ට බලකිරීම සඳහාද මෙම යෝජනාව ඉවහල් වනු ඇත. කෙසේ වෙතත් රුසියාව පවසා ඇත්තේ හවුති සටන්කාමීන්ට පමණක් නොව යේමනයටද සම්බාධක පැනවිය යුතු බවයි. රුසියාව මෙම යෝජනාවට එරෙහිවනු ඇති බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.