තායිපේ නගරයට බලපා ඇති භූමිකම්පාවෙන් ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙන අතර ගොඩනැගිලි සෙලවීමකට ලක්වී ඇත.
එය රික්ටර් මාපකාංක 6.6ක් ලෙස සටහන් වන බව ජපාන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව මීටර් එකක් පමණ උසකින් සුනාමි රැළි ඇති වෙතැයි අනුමානය කෙරිණි.
ජපානයේ ඔකිනාවා ප‍්‍රදේශයට බලපා ඇති මෙම භූමිකම්පාවෙන් ජීවිත හානි හෝ දේපොළ හානි මෙතෙක් වාර්තා වී නොමැත.