පසුගිය දා ඒ සඳහා වන නව වැඩපිළිවෙළක් ඉරානය යෝජනා කර තිබුණි. මේ පිළිබඳව අදහස් දැක්වූ සෞදි ආරක්ෂක ප්‍රධානියෙකු ප්‍රකාශ කර ඇත්තේ යේමන ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ගෙන ඒම වෙනුවෙන් එකඟ වෙන නමුත් අවශ්‍ය මොහොතේදී හමුදා බලය යෙදවීමට සුදානමින් සිටින බවයි.
කෙසේ වෙතත් සිය ඉල්ලීම පිළිබඳ අවධානය යොමුකරමින් ප්‍රහාර නතර කිරීම මැදපෙරදිග කලාපයේ සාමය ස්ථාපනය කිරීමට තැබූ යහපත් පියවරක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි පසුගිය මාස කිහිපය තුළ යේමනයේ පැවැති යුදමය වාතාවරණය හේතුවෙන් පුද්ගලයන් 944 ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 3487ක් පමණ තුවාල ලබා ඇත.