පසුගිය ඉරිදා සංක්‍රමණිකයන් රැගත් ලිබියානු බෝට්ටුවක් මධ්‍යධරණි මුහුදේ අනතුරට පත් වීමෙන් පුද්ගලයන් අටසිය දෙනෙකු දියේ ගිලී මරණයට පත් විය.
ඒ අනුව 2015 මේ දක්වා මිය ගිය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 1750 දක්වා ඉහල ගොස් තිබේ.
අනතුරට ලක්වන බෝට්ටු බේරා ගැනීමේ මෙහෙයුම් වැඩි කිරීමටද යුරෝපා නායකයින් තීරණය කර ඇතැයි බී බී සී ලෝක සේවයේ සදහන්. ඒ සදහා වැඩි නෞකා ප්‍රමාණයක් යෙදවීමටද යුරෝපා රටවල නායකයින් එකගතාවකට පැමිණ තිබේ.
මීට අමතරව මේ වන විට යුරෝපයට ඇතුළු වී සිටින සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් කුමක් කළ යුතුද යන්න සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ නායකයින් බලාපොරොත්තු වන බව පැවසේ.