යුද හමුදාවට අමතරව එම සහන මෙහෙයුම් සඳහා නේපාල පොලිසිය ද යොදවා තිබෙනවා. මෙම සහන සේවා මෙහෙයුම් සඳහා සහය දෙන්නැයි නේපාල රජය ලොව වෙනත් රටවලින් ඊයේ ඉල්ලීමක් කර තිබුණි.
තවමත් කත්මණ්ඩු නුවර ආසන්න ප්රදේශයේ ජනතාව නැවතත් භූමි කම්පාවක් ඇතිවෙතැයි නිවෙස්වලට යාමට බියෙන් එළිමහනේ දිවිගෙවන බව වාර්තා වේ.
භූ කම්පනය සිදුවන අවස්ථාවේ එවරස්ට් කන්ද තරණය කරමින් සිටි පිරිසක්ද ජීවිතක්ෂයට පත්ව ඇති අතර 200 දෙනෙකු පමණ බේරාගෙන තිබේ.