වසර 17ක් මහ පොළොවේ වැළලී සිටි මිනිසා

Published in විදෙස්
Wednesday, 06 August 2014 19:27

චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ.

පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු හඬ ආ දෙසට හාරාගෙන යද්දී දුටුවේ වසර 17 කට පෙර පොළොව යට වැළලී එහෙත් නොමැරී සිටින පුද්ගලයෙකි.

 
1997 වසරේ එම පළාතේ සිදුවූ දරුණු භූමි කම්පාවකදී මහ පොළොවට වැළලී ගිය එම පතල වසා දැමුණේ ඉන් දිවි බේරාගත් කිසිවකු නොමැති බව සහතික වීම නිසාය. භූමිකම්පාව සිදුවන මොහොතේ වැළලී ගිය 78 ක්වූ පතල් සේවකයන් අතරින් 59 හැවිරිදි චුංග් වායි ගේ පමණක් දිවි බේරී තිබුණේ හාස්කමකිනි.

 බේරාගන්නා මොහොතේ පෙනුමෙන් බොහෝ වෙනස්ව මානසික සෞඛ්‍යයෙන් ද පිරිහී සිටි චුංග් වායි ඒ මොහොතේම රෝහල් ගත කර ඇත්තේය. චුංග් ඇතුළු පිරිස වැඩ කරමින් සිටි පතලේ වූ ලෑලි වේදිකාවක් මහා භූමිකම්පාවත් සමඟ කඩා වැටීමෙන් සහෝදර සේවකයන් මියගිය ද චුංග්ගේ දිවි බේරුණේ කුහරයක් ඔස්සේ ඔහු සිටි තැනට වාතාශ්‍රය ලැබීම හේතුවෙනි.

 මේ අවාසනාවන්ත ඉරණමෙන් දිවි ගලවා ගැනීමේ වාසනාව ලද චුංග්, පතල යට මෙවන් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා ගබඩා කර තිබූ සහල් සහ වතුර ආහාරයට ගෙන හාමත් නොවී යන්තම් පණ බේරාගෙන ඇත්තේය. ඒ අතරතුර පතල පුරා හිඟයක් නොමැතිව දිව ගිය මීයන් ද ඔහුගේ ආහාරය විය. පතල්වල හැදෙන එක්තරා පෙඳ පාසි විශේෂයක් ද ඔහු ආහාරයට ගෙන තිබූ අතර එම පෙඳ පාසි ඔහුගේ ශරීරයට විටමින් නොඅඩුව ලබාදුන් බව වාර්තා වේ.

තට්ට තනියම පතලක සිරවී මානසිකව හා ශාරීරිකව පිරිහී සිටිය ද චුංග් සිය මියගිය පතල් සගයනට ගෞරවාන්විත භූමදානයක් ලබාදීමට සමත් වී ඇත. ඔවුන් එකිනෙකා භූමදානය කිරීමට ඔහුට වසරක කාලයක් ගතවී තිබේ.

 ගලවා ගන්නා අවස්ථාවේ කතා කිරීමටවත් නොහැකිව සිටි චුංග් පතල් කම්කරුවන් දැක හඬා වැලපුණු බව ද වාර්තා වේ.

 පතල් අනතුරු බහුල චීනයේ වසරකට පතල් කඩා වැටීමෙන් පුද්ගලයන් 4000 ක් පමණ මියයන අතර ඒ නිසාම චීන රජය අක්‍රමවත් පතල් බොහොමයක් වසා දැමීම සිදු කරයි. එය එරට පතල් 16000 අතුරෙන් සියයට 80 ක් පමණ වේ.

 වසර 17 ක් මහපොළොව යට වැළලී සිට චුංග් දිවි ගලවා ගැනීමත් සමඟ මෙතෙක් පොළොව යට දින 42 ක් වැළලී සිට දිවි ගලවා ගත් බ්‍රිතාන්‍ය ජාතික ජෙෆ් ස්මිත් විසින් තබා තිබූ ගිනස් වාර්තාව බිඳ වැටී ඇත. ජෙෆ් ඔහුගේ ප්‍රියතම සමාජ ශාලාවේ පිටත දින ගණනක් පොළොව යට වැළලී සිට ඇත්තේ වාර්තාවක් සම කිරීමේ අදිටනින් ස්ව කැමැත්තෙනි.

 

(සේමාලි කැල්ලපත -උපුටා ගැනීම සිළුමිණ පුවත්පතෙනි)

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us