හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් විසින් හෙළිදරව් කරනු ලැබූ 2013 අපේ‍්‍රල් 12 දාතම සහිත ජාතික ආරක්ෂක ඒජන්සියේ වාර්තාවක් විමසමින් ඔහු විසින් ලියා ඇති ලිපියක මේ බව දැක්වේ.
එම වාර්තාවට අනුව ඇමරිකාවට සහ ඊශ්‍රායලයට උපායමාර්ගික තර්ජනයක් වන මැදපෙරදිග ඉලක්ක ගණනාවකට අදාළව ඇමරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය හා ඊශ්‍රායල සිග්ඉන්ට් ජාතික ඒකකය අතර දීර්ඝ කාලීන සහයෝගයක් තිබී ඇතැයි අනාවරණයව තිබේ.
ග‍්‍රීන්වල්ඞ් දක්වා ඇත්තේ ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල, න්‍යෂ්ටික වැඩපිළිවෙලක් සඳහා සිරියාවේ උත්සහය, ලෙබනන හිස්බුල්ලා සංවිධානයේ වැඩපිළිවෙල, පලස්තීන ත්‍රස්තවාදය සහ ලෝක ජිහාඩය මෙහි ප්‍රධාන ඉලක්කයන් වී ඇති බවයි.
මේ අතර දෙරටේ තානාපති කාර්යාල දැවැන්ත සහයෝගයකින් කටයුතු කර ඇති බවත් බුද්ධි අංශ ක්‍රියාකාරකම් වලදී ඇමරිකානු තාක්ෂණය ඕනෑම වෙලාවක භාවිතා කිරීමට ඊශ්‍රායලයට හැකියාව තිබී ඇති බවත් හෙළිවී ඇත.
වාර්තාව මගින් අනාවරණයවී ඇත්තේ ඇමරිකාව විසින් ඊශ්‍රායලයට මුදල් ලබාදීම මෙන්ම හදිසි අවශ්‍යතා සඳහා භාවිතා කිරීමට ඩොලර් බිලියනයක අවි සංචිතයක් ඊශ්‍රායලය තුළ ගබඩා කරදී ඇති බවයි.
මෙවැනි තත්වයකදී ගාසා තීරයට පහරදීමට අදාළව ඇමරිකාවේ සම්බන්ධයක් නැතැයි කීම ව්‍යාජයක් පමණක් බව ග‍්‍රීන්වල්ඞ් පවසා තිබේ.
(cnews)