ඒ මෙරට ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවිය ජයලලිතා ජයරාම් සම්බන්ධයෙන් පළ කර තිබූ වාර්තාවකට විරෝධය පළ කිරීම සදහාය.
කෙසේවෙතත් ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා සහ තමිල්නාඩු මහඇමතිනිය සම්බන්ධයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ වූ පුවත පිළිබද මෙරට ආරක්‍ෂක අංශ පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.
විරෝධතා කරුවන් මෙම විරෝධතාව පළ කළේ ජාත්‍යන්තර සමුළුවක් පැවැත්වෙන සම්මන්ත‍්‍රණ ශාලාවක් ඉදිරිපිටදීය.
සම්මන්ත්‍රන ශාලාවේ සාකච්ඡාවකට ශී‍්‍ර ලාංකාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා සිටින බව පවසමින් විරෝධතාකරුවන් සම්මන්ත‍්‍රණ භූමියට ඇතුලූ වීමට උත්සාහ දරා ඇත.
වාර්තා වන පරිදි පොලිසියේ මැදිහත් වීමෙන් එවැනි සාකච්ඡාවක් නොපැවෙත්වන බව පෙන්වා දීමෙන් අනතුරුව විරෝධතා කරුවන් විසිර ගොස් ඇත.