ට්‍රාන්ස් ඒෂියා ගුවන් අනතුරින් මියගිය ගණන 31 දක්වා ඉහළට
පසුගිය බදාදා තායිවානයේ සිදුවූ ගුවන් අනතුරින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 31 දක්වා ඉහළ නැග තිබේ.12 දෙනෙක් තවමත් අතුරුදන්ව සිටින බැවින් මියගිය ප්‍රමාණය තවත් ඉහළ යාමට ඉඩ ඇති බව තායිවාන බලධාරීහු පවසති.
චීනයේ අන්තර්ජාල භාවිතය සම්බන්ධයෙන් පවතින නීති දැඩි කර තිබෙනවා. එරට සමාජවාදී දේශපාලන ක්‍රියාපිළිවෙතට අන්තර්ජාලය හරහා එල්ල වන බලපෑම් වැලැක්වීමේ අරමුණින් මෙම නීති දැඩි කර ඇතැයි පැවසේ .
58 දෙනෙකු රැගත් ට්‍රාන්ස් ඒෂියා ගුවන් යානයක් තායිවාන අගනගරයේ තායිපේ ගංඟාවට කඩාවැටී තිබේ.
ISIS සටන්කාමීන් බාරයේ සිටි ගුවන් නියමුවා මරා දමයි
ජෝර්දාන ගුවන් නියමුවකු පණ පිටින් පුළුස්සා දැමෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් ISIS සටන් කාමීන් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබේ.
ඉන්දියාව විසින් අත්හදා බලන ලද නවතම දිගු දුර න්‍යෂ්ටික මිසයිලයට චීනයට සහ යුරෝපය දක්වා ගමන් කළ හැකි බව පැවසේ. මේ මිසයිලය කක්ෂගත කළේ ට්‍රක් රථයක සවි කර තිබූ කැනිස්ටරයක් මතින් බව එරට බලධාරීහු පවසති.
හොංකොං හි ප්රජාතන්ත්ර හිතවාදී පිරිස් යළි වීදි බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගෙන තිබේ.
පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 55ක් මරුට
පාකිස්තානයේ ශිකාර්පූර් ප්‍රදේශයේ ශියා මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 55ක් පමණ මියගොස් තිබේ.
දකුණේ මුස්ලිම් කැරලිකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලදි මියගිය පොලිස් භටයන් 44 දෙනෙකු සමරමින් පිලිපීනයේ අද (30) ජාතික ශෝක දිනයක් ප්‍රකාශයට පත් කර අැත.