ගාසා යුද්ධය අතරතුර පලස්තීන ළමයින් 21,000ක් ආගිය අතක් නොමැති බව සේව් ද චිල්ඩ්රන් සංවිධානය පළකළ නවතම වාර්තාවකින් අනාවරණ වී තිබේ.
සෞදි අරාබියේ, මක්කම වන්දනාවට ගොස් අධික උණුසුම හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව, 1,301 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
රුසියානු පාලනය යටතේ පවතින ඩජෙස්තාන් කලාපයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සිදුවූ දුම්රිය අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙක් මියගොස් 60 දෙනෙක් පමණ තුවාල ලබා තිබේ.
යුක්රේනය රුසියාවට යටත් වී, රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්රේනයේ නැගෙනහිර පළාත් හතරක බලය සම්පූර්ණයෙන් රුසියාවට ලබා දී, ‘නේටෝ’ සාමාජිකයකු වීමේ සිතුවිල්ල ද සම්පූර්ණයෙන් බැහැර කරන්නේ නම් පමණක් යුක්රේනයට එරෙහිව ගත් හමුදාමය ක්‍රියා මාර්ගය අවසන් කරන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා ඇත.
අධික උණුසුමෙන් හජ් වන්දනාවට ගිය වන්දනාකරුවන් 6ක් මිය යයි
සෞදියේ මක්කම නගරයේ හජ් වන්දනාවට ගොස් සිටින වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇතැයි පැවැසෙයි.
රුසියාවේ වත්කම්, රුසියාවට එරෙහිව යොදා ගනිමින්, යුක්රේනයට යුද ආධාර වශයෙන් ලබා දීමට, ඉතාලියේ පැවැත්වෙන ‘ජී7’ රාජ්‍ය නායක සමුළුවේදී එකඟත්වයක් ඇති කර ගැනුණි.
කුවෙට් හි ගින්නෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව ඉහළට
දකුණු කුවේටයේ මන්ගාෆ් නගරයේ කම්කරුවන් වාසය කරන ගොඩනැගිල්ලක ඊයේ (12) සිදු වූ ගින්න හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 49 දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.