මංගලගේ සජිත් විරෝධය බොරුවක් !

Published in පුවත්
Wednesday, 20 August 2014 10:33

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීම සම්බන්ධයෙන් එජාප නායකත්ව මණ්ඩල සාමාජික මංගල සමරවීර මහතා පක්ෂයේ ප්‍රධානින්  කිහිප දෙනෙකු සමග විරෝධය පළකර ඇත්තේ, එජාප ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.



සජිත් ප්‍රේමදාස මහතාට නියෝජ්‍ය නායකකම දී එජාපයේ සමගිය රටට පෙන්වන ලෙස ආණ්ඩුවෙන් විපක්ෂයට එක්වීමට සිටින මැති ඇමතිවරුන් පිරිසක් මංගල සමරවීර මහතා හරහා එජාප නායකත්වය වෙත දැනුම් දී  ඇත. එම සාකච්ජාවලට මලික් සමරවික්‍රම මහතාද එම සාකච්ජාවලට සහභාගිවී තිබේ.

මාළුලුවාවේ සෝභිත හිමියන්ද මලික් සමරවික්‍රම හරහා මෙම ඉල්ලීම වික්‍රමසිංහ මහතා වෙත ඉදිරිපත් කර ඇත. 


කොහොමද ටිකිරි මොලේ !

ඒ අනුව, මලික් සමරවික්‍රම මහතාට සජිත්ට පක්ෂවත්, මංගල සමරවීර මහතාට සජිත්ට විරුද්ධවත් පක්ෂයේ ප්‍රධානින් ඉදිරියේ හැසිරෙන ලෙස රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස්දී තිබේ.

මෙලෙස කටයුතු  කිරීම හරහා ආණ්ඩුවේ බුද්ධි අංශ නොමඟ යැවීමටත්, සජිත්ගේ ඉල්ලිම් සම්බන්ධයෙන් හෙට්ටු කිරීමටත් අවස්ථාව ලැබෙන බව වික්‍රමසිංහ මහතාගේ අදහසවී ඇත. 

ඒ අනුව නියෝජ්‍ය නායක ධුරය සමග බලතල ඉල්ලාගෙන පැමිණියහොත් විරුද්ධ වන්නැයි වික්‍රමසිංහ මහතා, මංගල සමරවීර මහතාට උපදෙස් දී ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි. 

'රනිල්, සජිත්ට අන්දන්නයි හදන්නේ' 

මේ අතර,  ජාතික නිදහස් පෙරමුණ පවසන්නේ, රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එජාප නියෝජ්‍ය නායක ධුරය සජිත් පේ‍්‍රමදාස මහතාට යළි ලබා දීමට උත්සාහ කරන්නේ එළැඹෙණ ජනාධිපතිවරණයට තරඟ වැදීම සඳහා ඔහුගේ සහය ලබා ගැනීමේ උපායක් ලෙස බවයි.

කොළඹ දී මාධ්‍ය  අමතමින් එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල් මහතා එබව  සඳහන් කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us