දිවි නැගුම බැංකු හරහා ණය යෝජනා ක්‍රමයක්

Published in පුවත්
Friday, 29 August 2014 09:40

දිවි නැගුම බැංකු හරහා ප්‍රතිලාභී පවුල් ලක්ෂ පහළොවකට සෙත සලසන ණය යෝජනා ක්‍රමයක් ලබන සැප්තැම්බර් මාසයේ ආරම්භ කරන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එමගින් දිවි නැගුම ප්‍රතිලාභ හිමියන්ට ඇපකරුවන් නොමැතිව වාර්ෂිකව 4% පොලියක් යටතේ රුපියල් 50,000 දක්වා ණය මුදලක් ලබාගත හැකි වේ.

ඇමතිවරයා මේ බව කියා සිටියේ, ඊයේ (28) පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

මෙහිදී  මාධ්‍යවේදියෙකු අමාත්‍ය වරයාගෙන් විමසා සිටියේ, වක්‍ර ආකාරයෙන් ලබා දෙන මැතිවරණ අල්ලසක් ලෙස ඌව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කෙටි කාලයක් තිබියදී මෙම ණය මුදල ක්‍රියාත්මක කිරීම උපායක් ද යන්නයි.

එහිදී කියා සිටියේ එය මැතිවරණ අල්ලසක් නොව අවශ්‍ය මොහොතේ ජනතාව වෙනුවෙන් කරන උපකාරයක් බවයි.

දිවි නැගුම ප්‍රතිලාභී පුද්ගලයන් ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණයට යොදා ගන්නා බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු  කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ආණ්ඩුව විසින් ඉටු කර ඇති සේවය වෙනුවෙන් මේ ජනතාව ආණ්ඩුවට සහයෝගය දක්වන අතර ඔවුන් තම ඡන්දය ලබා දෙන්නේ ස්වේච්ඡාවෙන් බවයි.

රජයේ ආයතනයක පැවැත්වෙන මාධ්‍ය හමුවකදී මැතිවරණය සම්බන්ධයෙන් කරුණු ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටින බව අමාත්‍යවරයා පැවසුවේ ඌව පළාතේ සිදු වන මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ගැන කල විමසුමකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කරමිනි.

Leave a comment

ld add copy

Gossip

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us