මේජර් ජනරාල් ජානක ඝාතකයා 20 වසරකට හිරේ

Published in පුවත්
Friday, 05 September 2014 15:11

උතුරු පළාතේ හිටපු විපක්ෂ නායක මේජර් ජනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු මරා දැමීමට ආධාර අනුබල දුන්නැයි වරද පිළිගත් එල්ටීටීඊ සංවිධානයේ හිටපු කර්නල් සම්මුගනාදන් සුදාහරන්ට උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා අද (05) වසර 20ක බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කළේය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ එල්.ටී.ටී.ඊ සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබුණි.

නඩුවේ පළමු විත්තිකරු අධිකරණය හමුවේ කියාසිටියේ තමන් මෙම චෝදනාවලට නිවැරදිකරු බවයි. ඒ අනුව ඔහු ලබන 3 වනදා දක්වා යළි  බන්ධනාගාර ගත කෙරුණු අතර එදිනට යළි නඩු විභාගය සිදු කිරීමට නියමිතය.

අදාළ නඩුව පසුගිය 22දා මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ කර්නල්වරයෙක් වශයෙන් කටයුතු කළ දෙවැනි විත්තිකරු මෙලෙස වරද පි‍ළිගෙන තිබුණි.

ඒ අනුව විත්තිකරුට දඩුවම් නියම කිරීම අදට (05) සිදුකරන බව මහාධිකරණ විනිසුරුවරයා එදින දැනුම් දුන්නේය.

ඒ වනතුරු විත්තිකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කරන ලදී.

2008 වසරේ අනුරාධපුරයේ දී එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණි.

අනුරාධපුර මහාධිකරණයේ දී විභාග වන මෙම නඩුව සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් වයඹ පළාත්බද මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක මහතා පත් කර ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us