ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභාගත නොකිරීම රහසක්

Published in පුවත්
Thursday, 13 November 2014 13:01

මහින්ද රාජපක්ෂ මහතාට නැවත වරක් ජනාධිපති ධුරය සඳහා තරඟ කළ හැකි බව සහ දෙවන ධුර කාලය අවුරුදු 4 සම්පූර්ණ වූ පසු ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය සභා ගත නොකිරීම බලවත් සැකයකට තුඩු දී තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

නිමල් සිරිපාල ඇමතිවරයා පෙරේදා  (11) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධ ලේඛනයක් කියවීය. එහිදී ඇමතිවරයා සඳහන් කළේ දස පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු මණ්ඩලය ඒකමතිකව මෙම මතය ප්‍රකාශ කර ඇති බවය. 

විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරුන් අවධාරණය කර සිටියේ එම ලේඛනය සභා ගත කළ යුතු බවය. මේ දක්වා එය ඉටු කර නැත.

විනිසුරුවරුන් දසදෙනාම ඒකමතිකව මෙම මතය ප්‍රකාශ කළ බව පිළිගත නොහැකියැයි නීතික්ෂේත්‍රයේ දැඩි කතාබහකට ලක්වී ති‍බේ. 

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මතය හෝ වනත් කිසියම් කරුණක් සම්බන්ධයෙන් හෝ ලබාදෙන තීන්දුවක් අධිකරණය කෙරෙහි නිසි ගෞරව දක්වමින් විවේචනය කිරී‍මේ සම්පූර්ණ අයිතිය පුරවැසියන්ට හිමි බව නීතිවේදීහු පෙන්වා දෙති.

ජනතා විමුක්ති පෙරමුණ ඊයේ පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම මතය පිළි නොගන්නා බව ප්‍රකාශ කළේය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us