විපක්ෂය ශ්‍රේෂ්ඨාධිකරණ ලියවිල්ල ඉල්ලයි

Published in පුවත්
Thursday, 13 November 2014 13:30

ජනාධිපතිවරයාට තුන්වන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා බාධාවක් නොමැති බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ මතය ඇතුළත් වාර්තාවේ පිටපතක් ලබා දෙන ලෙස විපක්ෂය අද ඉල්ලීමක් කළේය.

 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කර සිටියේ සභානායකවරයෙකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයක මතය ඇතුළත් ලියවිල්ලක් ප‍්‍රකාශයට පත් කිරීම නීති විරෝධී බවයි.  ඔහු පෙන්වා දෙන්නේ කතානායකවරයා විසින් එම කටයුත්ත සිදු කළ යුතුව තිබූ බවයි. 

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සමාගමීවයි මෙම කතාබහ ඇති විය.

ජනාධිපතිවරයාට තෙවන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීම සඳහා බාධාවක් නොමැති බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය පසුගියදා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළේ සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාය. 


විපක්ෂයේ නියෝජිතයින් දිගින් දිගටම ප‍්‍රකාශ කර සිටියේ එවැනි මතයක් සභා නායකවරයෙකු විසින් ඉදිරිපත් කිරීම පිළිගත නොහැකි බවයි.   ඊට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂයේ නීති තර්කය ප‍්‍රතික්ෂේප කළේය. 

කෙසේ වෙතත් විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා මෙහිදී කතානායකවරයාට දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඇතුළත් පිටපත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වෙත බෙදා දෙන ලෙසය. ඒ පිළිබඳ අවධානය යොමු කළ කතානායකවරයා ඊට පහසුකම් සැළසීමට පොරොන්දු විය. 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us