දෘෂ්‍යාබාධිතයන්ගේ ඡන්ද අයිතියට බාධා

Published in පුවත්
Tuesday, 30 December 2014 12:24

එළඹෙන ජනාධිපතිවරණයේදී තමන්ට නිදහසේ ඡන්දය භාවිත කිරීමේ අවස්ථාව අහිමිවීමේ අවදානමක් පවතින බව ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත තරුණ සංසදය පවසයි. එහි සභාපති චමීර පුබුදු කුමාර මහතා පැවසුවේ දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට ඡන්දය සලකුණු කිරීම සදහා ඡන්ද ම්‍යස්ථාන වෙත තවත් අයෙකු සමග යාමට මැතිවරණ කොමසාරිස්වරයා අවස්ථාව සලසා දී ඇති බවයි.

නමුත් ඒ සදහා සම්පූර්ණ කළ යුතු ආකෘති පත‍්‍රය ඇතැම් ප‍්‍රදේශවල ග‍්‍රාම නිලධාරීන්ට මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙම ගැටලූව මතුව ඇති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය මැතිවරණවලදී ද තමන්ට මෙවැනි අත්දැකීම්වලට මුහුණදීමට සිදුවූ බව චමීර පුබුදු කුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය.

'දැන් අපේ දෘශ්‍යාබාධිත කෙනෙකුට තියන පරම අයිතිය , රටේ හැම පුරවැසියෙකුටම ඒ අයිතිය තියනවනම් ඒක දෘශ්‍යාබාධිත අපිටත් තියෙන්නේ ඕනේ ඒ විදියටම. අපි ගිහිල්ලා ඡන්ද පොලේ කෙනෙකුට කියනවා මේ පක්ෂෙට ඡන්දේ දාන්න කියලා. එහෙම නැත්නම් නායකයෙකුට. ඒක එහෙම දානවද? ඔය කියන දේ ගිය සැරේ වුණා. එතකොට මම කිව්වා අපිට කෙනෙක් එක්කගෙන එන්න පුළුවන් එක්කෙනෙක් මම එක්කගෙන ඇවිල්ලා ඉන්නේ. ඒ කෙනාට දාන්න දෙන්න කියලා. අඩු තරමේ එයාට බලාගෙන ඉන්නවත් දෙන්නේ නැහැ. මම කිව්වට පස්සේ තව කෙනෙකුට කතා කරලා දෙන්නෙක් ඉන්න තැන තමයි ඡන්දේ පාවිච්චි කරේ.'

පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එම ගැටලූව මැතිවරණ කොමසාරිස්වරයා වෙත යොමුකර ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීමට කි‍්‍රයාකරන බවය.

මේ අතර ඉතිහාසයේ පළමු වරට ඡන්දය ගණන් කරන මධ්‍යස්ථාන වෙත නිරීක්‍ෂකයන්ට ඇතුලූ වීමට මැතිවරණ කොමසාරිස්වරයා අවස්ථාව සලසා දී ඇති බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us