ඊපීඩීපි ඩග්ලස්ට උතුරේ විපක්ෂ නායකධුරයත් අහිමි වන ලකුණු

Published in පුවත්
Thursday, 15 January 2015 12:57

උතුරු පළාත් සභාවේ විපක්ෂය නියෝජනය කරන සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසයේ උතුරු පළාත් සභාවේ විපක්ෂ නායක තනතුර ලබා ගැනීමේ උත්සාහයක නිරතවන බව දැන ගැනීමට තිබේ.

විපක්ෂය නියෝජනය කරන ඊපීඩීපී පක්ෂයේ මීට පෙර විපක්ෂ නායකකම ලබාගෙන තිබුණද මේවන විට ඊපීඩීපී නායක ඩග්ලස් දෙවානන්දගේ ඇමැතිධුරයද අහිමිව තිබිම නිසා ඔහු උතුරු පළාත තුල පවත්වාගෙන ආ බල අධිකාරිය බිඳ වැටී තිබේ. එමෙන්ම මෙහි විපක්ෂ නායක කම දැරූ ඊපීඩීපීයේ සිට කමල් නම් මන්ත්‍රීවරයා ඝාතන චෝදනාවක් මත බන්ධනාගාර ගතව සිටින අතර වත්මනෙහි තවරාජා විපක්ෂ නායක ලෙස කටයුතු කරයි.

කෙසේ නමුත් ඊපීඩීපි විපක්ෂනායක කම දැරුවේ ශ්‍රී ලනීපය නියෝජනය කළ මන්ත්‍රීවරු දෙදෙනාගේද සහය ඇතිවය. නමුත් නව තත්වයන් හමුවේ මෙම මන්ත්‍රීවරු දෙදෙනා සමස්ත ලංකා ජනතා කොන්ග්‍රසය සමඟ එකතුව වැඩ කිරීමට එකඟ වී තිබේ. ඒ අනුව හෙට දිනයේදී පළාත් සභා සභාපතිවරයාට ඊට අදාල දිවුරුම් පෙත්සම් බාර දී විපක්ෂ නායක ධුරය කොංග්‍රසයට ලබා ගන්නා බව එහි මන්ත්‍රී රිෆ්ඛාන් මහතා පවසයි

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us